Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇගේ කතාව
About this book

තේමියා කළු මුහුද අසල කුඩා තුර්කි ගමක ජීවත් වූ පොන්ටික් ග්‍රීක ජන වර්ගයට අයත් පවුලක ගැහැනු ළමයෙකි. 1920 වසරේ ඔවුන්ගේ ගම වෙත පැමිණෙන තුර්කි සොල්දාදුවන් නියෝග කරන්නේ සියළුදෙනාම ගම්මාන වලින් පිටවිය යුතු බවටය. දහස් ගණනක් වූ ගම් වැසියන් පා ගමනක රැගෙන ගිය අතර සොල්දාදුවන්ගෙන් බේරී, අත දරුවන් සහිත පවුලේ අය සමඟ පලා යාමට ඇගේ පියා සමත්ව ඇත. අවසානයේ අනාතයින් බවට පත්වන මේ පවුලේ මව ඇතුළු බොහෝ දෙනෙකුගේ ජිවිත අවසන් වන්නේ ඉතා දුක්ඛිත ලෙසය.

කෙසේ නමුත් දෛවෝපගත ලෙස නොමැරී ජීවත් වන තේමියා විවාහය සඳහා රත්‍රන් කැබලි කිහිපයකට විකුණා දමන්නේ ඇය මෙන් තුන් ගුණයක් වයසැති මිනිසෙකුටය. ඇය ඒ වන විටත් වැඩි වියට පත් නොවූ ගැහැනු දරුවෙකි. ඔහු ඇයව ඇමෙරිකාව වෙත රැගෙන යන අතර එහිදී ඇයට සිදු වන්නේ අළුත් ජීවිතයක් ඇරඹීමටය.

මෙහි ලියැවී ඇත්තේ තේමියා නැතහොත් සානෝ ඇගේ අටවැනි දරුවා වූ කතුවර 'තියා' සමඟ 1980 දී තම උපන් ගම සොයා යාමෙන් පසු හෙළි කළ කතාන්දරයයි.

ISBN
9789556913545
පිටු ගණන (Pages)
376
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇගේ කතාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.