ඇගේ කතාව
තේමියා කළු මුහුද අසල කුඩා තුර්කි ගමක ජීවත් වූ පොන්ටික් ග්‍රීක ජන වර්ගයට අයත් පවුලක ගැහැනු ළමයෙකි. 1920 වසරේ ඔවුන්ගේ ගම වෙත පැමිණෙන තුර්කි සොල්දාදුවන් නියෝග කරන්නේ සියළුදෙනාම ගම්මාන වලින් පිටවිය යුතු බවටය. දහස් ගණනක් වූ ගම් වැසියන් පා ගමනක රැගෙන ගිය අතර සොල්දාදුවන්ගෙන් බේරී, අත දරුවන් සහිත පවුලේ අය සමඟ පලා යාමට ඇගේ පියා සමත්ව ඇත. අවසානයේ අනාතයින් බවට පත්වන මේ පවුලේ මව ඇතුළු බොහෝ දෙනෙකුගේ ජිවිත අවසන් වන්නේ ඉතා දුක්ඛිත ලෙසය.
කෙසේ නමුත් දෛවෝපගත ලෙස නොමැරී ජීවත් වන තේමියා විවාහය සඳහා රත්‍රන් කැබලි කිහිපයකට විකුණා දමන්නේ ඇය මෙන් තුන් ගුණයක් වයසැති මිනිසෙකුටය. ඇය ඒ වන විටත් වැඩි වියට පත් නොවූ ගැහැනු දරුවෙකි. ඔහු ඇයව ඇමෙරිකාව වෙත රැගෙන යන අතර එහිදී ඇයට සිදු වන්නේ අළුත් ජීවිතයක් ඇරඹීමටය.
මෙහි ලියැවී ඇත්තේ තේමියා නැතහොත් සානෝ ඇගේ අටවැනි දරුවා වූ කතුවර 'තියා' සමඟ 1980 දී තම උපන් ගම සොයා යාමෙන් පසු හෙළි කළ කතාන්දරයයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.