Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අග්නි පියාපත්

අග්නි පියාපත්

About this book

ලොව පතල විද්‍යාඥයකු, දූරදර්ශී නායකයකු මෙන් ම මුළු මහත් ලොව පුරා අතිශයින් ම ජනප්‍රසාදයට පත් වූ ඉන්දියානු ජනාධිපතිවරයකු ද වූ ඒ. පී. ජේ. අබ්දුල් කලාම්ගේ ස්වයං චරිතාපදානය “අග්නි පියාපත්" ලෙස මෙසේ සිංහලට පරිවර්තනය කර තිබේ.

වෙරළබඩ කුඩා ගම්මානයක දිළිඳු දරුවකුව ඉපිද, අභියෝග දහසක් පසුකොට, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ගොඩනැගී, සාර්ථකත්වයේ හිනිපෙත්තට ම නැග අභ්‍යවකාශය දිනූ “මිසයිල මිනිසා” ගේ ජීවන අන්දරය මෙහි විස්තර කෙරේ.

ශ්‍රේෂ්ඨත්වයට පත්වීම ඇරඹෙන්නේ ඉතා ම කුඩා පියවරකින් බවත්, සාර්ථකත්වය සඳහා අඛණ්ඩ ව උත්සාහ කළ යුතු බවත්, දිළිඳු ගම්බද දරුවකු දුටු සිහිනයකින් මුළු මහත් ජාතියේ ම සිතුවිලිවලට පියාපත් දිය හැකි බවත් කලාම්ගේ ස්වයං චරිතාපදානයෙන් සිංහල පාඨක අප හට ගත හැකි මහඟු ආදර්ශ වේ.

Details
ISBN
9786246708306
පිටු ගණන (Pages)
237
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: අග්නි පියාපත්

Reviews are published once a member of our team has read them.