අහන්නෙපා මගෙන් ලබා දෙන්නැයි ඒ පෙම නැවතත්
උර්දු බසින් කාව්‍යකරණයේ යෙදුන, පාකිස්තානයේ ජාතික කවීන් අතුරින් කේන්ද්‍රීය කවියෙකු සේ සැලකෙන ෆයිස් අහමඩ් ෆයිස් සමාජ-සංස්කෘතික හා දේශපාලනික වශයෙන් විරුද්ධාභාසයේ කවියෙකු, ආදරණීය විප්ලවවාදියෙකු, මාක්ස්වාදියෙකු බවට පත් වූ හමුදා නිලධාරියෙකු සහ දැඩි හඬක් තිබුණු මෘදු ආත්මයක් වශයෙන් හඳුන්වා දිය හැකි ය. ඔහුගේ පෞද්ගලික ජීවිතය සහ සංස්කෘතික-දේශපාලන භූමිකාව ප්‍රතිමුර්තිමත් කරන සෞන්දර්යාත්මක ආලෝකය සහ සදාවාරාත්මක කැපවීම වර්තමානයේ සිටින අපට දායාද කරනුයේ අතිශයින් දුර්ලභ චරිත ලක්ෂණ සම්මිශ්‍රණයකි. ඔහු ලියූ සෑම කවි පෙළක ම මෙන්ම ම සහභාගී වූ සෑම ජනතා ව්‍යාපාරයක ම, ෆයිස් ප්‍රතිමූර්තිමත් කළේ සුන්දරත්වය සහ යුක්තිය යන අංග ද්විත්වය සංඝටනයෙන් පැවතිය හැකි ලෝකයක් ගොඩනැගිය යුතුය යන සදාචාරික පරමාදර්ශය යි. පුද්ගලික සහ දේශපාලන නිදහස ගෝලීය වශයෙන් අතිවිශාල වශයෙන් තර්ජනයට ලක්ව ඇති අද වැනි කාලෙක, ෆයිස්ගේ කවි ප්‍රතිරෝධයේ නොමැකෙන සංකේතයක් සහ බලාපොරොත්තුවේ සදාතකාලීන ආලෝකයක් ලෙස පවතිනු ඇත.
මේ එකතුව ෆයිස් අහමඩ් ෆයිස්ගේ කවි අතරින් කේන්ද්‍රීය කවි ජනප්‍රිය පරිවර්තන ලෙස සිංහල භාෂා පාඨකයන් වෙත ගෙන එන ප්‍රථම අවස්ථාව යි.
ෆයිස් අහ්මඩ් ෆයිස් යනු පාකිස්තානු සාහිත්‍යයේ ප්‍රකට ම මාක්ස්වාදී හා මානවවාදී කවියෙකි. ඔහුගේ කාව්‍ය ගොන්න සමාජ අර්බුද, ප්‍රේමය, විරහව හා විප්ලවීය ජීවගුණය යන ගැඹුරු කාරණාවලින් යුක්ත වේ. එහෙත් ෆයිස් අහ්මඩ් ෆයිස් කවිතාව සූෆී කවියන් වන හාෆෙස් සහ රූමී ආදී දැවැන්තයන්ගේ සාහිත්‍ය වගුවෙන් මිදී සිටීමට නොහැකි වූ බව ඉතා පැහැදිලි ය. සසංක පෙරේරා විසින් සිංහලට පරිවර්තනය කරන ලද ෆයිස් අහ්මඩ් ෆයිස්ගේ කවි වනාහි පාකිස්තානු කාව්‍ය ශිල්පීන්ගේ අරුත්බර දායකත්වය සිංහල පාඨකයාට හඳුන්වා දෙන උත්සාහයකි. සසංක පෙරේරාගේ පරිවර්තනය, ෆයිස් අහ්මඩ් ෆයිස්ගේ සූෆී-මාක්ස්වාදී සංග්‍රතිය සිංහල භාෂාව හරහා රසවත් ලෙස ගෙන ඒමට උත්සාහ දරයි.
මන්ඩාවල පඤ්ඤාවංශ හිමි
ශුරිච් විහාරය, ස්විට්සර්ලන්තය
අපට රබීන්ද්‍රනාත් තාගෝර් හොඳින් හුරු ය. ඔහුගේ සාහිත්‍යය ද යම් දුරකට හෝ හුරු ය. තාගෝර් මෙන් ම ෆයිස් ද දකුණු ආසියානු කලාපයෙන් බිහි වූ ලොව ම දන්නා විශිෂ්ටයෙකි. එහෙත් බොහෝ දුර යුරෝපයේ සිටින විලියම් ෂේක්ස්පියර් හෝ විලියම් වර්ඩ්ස්වර්ත් පවා අපට සමීප වුව ද ෆයිස් අපට ආගන්තුක ය. අප ෆයිස් හඳුනාගත යුතු ය. මේ කවි පරිවර්තන එකතුව වැදගත් වන්නේ එබැවිනි.
කපිල ෆොන්සේකා
ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති සහ තුරු හිසින නික්මි කවි එකතුවේ කර්තෘ
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.