අකරදාරුව
”සැබෑ ගුරුවරයා පහනක් බඳුය. මන්දයත් පහන තමාම ආලෝකවත් කරගන්නා අතර අනෙකා වෙත ද එළිය පතුරුවන බැවිනි...”
ගුරුවරයකුගේ භූමිකාවට අදාළව අන්තර්ජාලයෙන් උපුටා ගත් ඉහත කියමන ගුරු ගෙදර ග්‍රන්ථ කේන්ද්‍රයේ මෙකී සාහිත්‍ය ව්‍යායාමට ද උචිත රුවන් වැකියකැයි මට සිතේ.
ඉගැන්වීම යනු හුදෙක් දැනුම ලබාදීමට වැඩි යමක් විය යුතුය. සැබවින්ම ඉන් සිදු විය යුත්තේ සමාජ චින්තනයේ වෙනසක් සඳහා අවැසි උත්තේජනය සම්පාදනය කිරීමයි.
කිසියම් සමාජ්යක පවතින ගතානුගතික හා ආධානග්‍රාහී මනෝභාවයන්ගේ විලංගු බිඳලා නව චින්තනයක් උත්පාදනය කළ හැක්කේ පරිකල්පන ශක්තියෙන් සේම නිර්මාණශීලිත්වයෙන් ද පොහොනා ඉදිරිගාමී දැක්මක් සහිත මානව ප්‍රජාවකටය.
ගුරු භූමිකාව තීරණාත්මක සාධකයක් වන්නේ මෙතැනදීය. නව සමාජ්යක් බිහිකිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන දැතිරෝදයක් වන ගුරුවරයා සෞන්දර්යාත්මක මෙන්ම නිවහල් මනසකින් හෙබි සමාප් පෙරගමන්කරුවකු වීම වැදගත්ය. එවන් ගුරු පරපුරක් තනාගත හැක්කේ ලේඛන ද ඇතුළු සෞන්දර්ය කලාවන් ප්‍රගුණ කිරීමට ඔවුන්ට වැඩි වැඩියෙන් අවකාශ සලසාදීම මගිනි.
ගුරු ගෙදර ග්‍රන්ථ කේන්ද්‍රය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන මෙම ගුරු කෙටිකතා සමුච්චය එවන් මාහැඟි ප්‍රයත්නයක් ලෙස හඳුන්වා දෙනු කැමැත්තෙමි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.