Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / රතුගල කඳුළ

රතුගල කඳුළ

ප්‍රකාශක (Publisher): ගුරු ගෙදර - Guru Gedara
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

අපේ ගුරු භවතුන් සාහිත්‍ය නිර්මාණ කාර්යයකට පෙළැඹවීම හා ඔවුන්ගේ නිර්මාණ ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව සලසා දීම යනු මා හඟින අන්දමට ප්‍රශස්ත ජාතික කාර්යභාරයකි. යම් සමාජයක නිර්මාණාත්මකභාවය, පරිකල්පනය, රසඥතාව නංවාලීමට දිරි දෙන්නෙකු මග පෙන්වන්නෙකු මා නම් දකින්නේ මහාත්මයක් ඇත්තෙකු ලෙසිනි.

ගුරු ගෙදර ග්‍රන්ථ කේන්ද්‍රය එබඳු අත්‍යවශ්‍ය සමාජ සාහිත්‍යයික වැඩපිළිවෙළක නියාමක වගකීමකින් බැඳී කටයුතු කරන අයුර මම වසර කිහිපයක් මුළුල්ලේ දැක ඇත්තෙමි. ගුරු භවතුන් සාහිත්‍ය නිර්මාණයට නැඹුරු වීමේ යහපත් ඵලය අවසන අයත් වන්නේ සිසු පරපුරටම ය. අද අන්තයටම පිරිහී ඇති දරුවන්ගේ පරිකල්පනය, රසවින්දය නංවාලිය හැක්කේ නිර්මාණකාමී, සාහිත්‍යකාමී ගුරුපරපුරකට ය. තම රසඥතාව වර්ධනය උදෙසා වන හොඳ පොත පත කියැවීමත්, එමඟින් ලබාගන්නා වින්දනය ප්‍රමුඛ අවබෝධය දරුවන්ට පිරි නැමීමත් ගුරු භවතුන්ගෙන් සිදුවිය යුතුය.

ඒ සඳහා ඔවුන් සතුව නිර්මාණ ශක්තිය ද, පොත පත ඇසුර ද හොඳ වින්දන ශක්තිය ද පැවතිය යුතුය. ගුරු ගෙදර ඒ සඳහා සිය සරි පමණින් අවකාශ සලසන නිදහස් මණ්ඩපයක් වැන්න.

නන්දන වීරසිංහ
රාජ්‍ය සම්මානලාභී කිවිවර

ISBN
9789557818054
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රතුගල කඳුළ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.