අකීකරු එළු පැංචා
About this book
චෑන් තොං (1932-1995)> මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී.
'' අකීකරු එළු පැංචා '' චෑන් තොං විසින් සංස්කරණය කර චිත්‍ර අඳින ලද අතර, එහි ''අකීකරු එළු පැංචා'' සහ ''පුංචි මීයා සහ ගෝන අක්කා'' යනුවෙන් කථා දෙකක් අඩංගු වේ. අකීකරු එළු පැංචා (විදේශ භාෂා අනුවාදය) ප්‍රථම වරට 1984 දී ප්‍රකාශයට පත් කරන ලදී.
Details
ISBN
9786245509805
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review