Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / අළු වලාකුළු - කෙටි කතා සංග්‍රහය

අළු වලාකුළු - කෙටි කතා සංග්‍රහය

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

කතන්දර වලට පෙම් බඳින රසිකයෙක් හැටියට, මට හොඳ කතන්දරයක් කියන්නේ මගේ ඇගට දැනෙන භාවමය කම්පනයකට. එහෙම සංවේදනාවන් ඇගට දැනෙන එක තමයි මුලින්ම සිද්ධ වෙන්නෙ. දෙවනුව තමයි ඒක අපේ මොළයේ භාව කලාපයන් ආක්‍රමණය කරන්නෙ. එහෙව් කතන්දර හොඳ එල්ලයක් මානලා ඉලක්කෙටම තියන වෙඩි වගේ. එහෙව් කම්පන කෙටි කතාව වගේ ශානරයකට නතු වෙලා මතු වෙද්දි ඉතා සීමිත වචන කිහිපයකින් මිනිස් සිත් සාගරේ අසීමිත විදිහට උදම් තරග උපදන විලාසය විචිත්‍රයි.

පුබුදු උදටියාවල කියන්නෙ ආන් ඒ විදිහට අපේ හිතේ රිදෙනම, ඉසියුම් තැන් ඉව කරලා ඉලක්කෙටම වෙඩි තියන හැඟුම් දඩයක්කාරයෙක්!

ඔහු ඔහුගේ කෙටි කතාවේ භාෂා භාවිතාව ඇතුලෙම වරෙක අපිව මංමුලා කරනවා. ඒ සැණින් ආපිට පාර පෙන්නන විලක්කුවකුත් දල්වනවා කියන එක තමයි අපේ වැටහීම.

අළු වළාකුළු වලට වහන් වෙලා ඉලක්කෙටම අපේ ඇතුල් හිතට වෙඩි තියන මේ දඩයක්කාර කතන්දරකාරයාට, ඔහුගේ ලියැවිල්ලට මං අසීමිතව පෙම් බඳින්නෙ ඕනෙම මොහොතක ඒ වෙඩිල්ලට අපේ පපුව දෙන්න සූදානම් පිටමයි!

ඒ රිදුම් හරිම මිහිරියි!!

-අසංක රුවන් සාගර

ISBN
9786245671984
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අළු වලාකුළු - කෙටි කතා සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.