Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 10 Percent Discount / ආමරිය සීල්

ආමරිය සීල්

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ආමරිය සීල්"

යුද්ධය තුළ ඇත්තේ අහිමි වීම් හා විනාශයන්ය. මෙරට පිටරට වුවද අතීතයේ හෝ වර්තමානයේ වුවද යුද්ධයේ හැටි එහෙමය. නිසාම යුද්දය යන වචනය ඇසූ සැනින් ඕනෑම අයෙකු තුළ මැවෙන්නේ එකම චිත්‍රයකි. එහෙත් අවියකින් වෙඩි උණ්ඩයක් පත්තු නොවී බෝම්බයක් පිපිරෙන්නේ නැතුවද යුද්ධ තිබුණි. අවි ගැටුමක් නොපැවතිය ද මරණය අතවනන භූමියක පාරිසරික දුෂ්කරතාවයන් ද මානසික පීඩනයද දරාගෙන කෙනකු රැඳී සිටීමම යුද්දයකි. සමාජය යුද්දය පිළිබඳ බලන සාම්ප්‍රදායික කෝණය මග හැර වෙනස් මානයකින් එදෙස බලන්නට මේ පොත හරහා මම ඔබට ඇරයුම් කරමි.

ලුතිනන් කර්නල් 
සුජිත් චමින්ද එදිරිසිංහ

 

ක්‍රමයෙන් අවට පරිසරය අඳුරු පැහැ ගනිමින් තිබිණි. බරපතල තුවාලකරුවන් තරමටම සාමාන්‍ය තුවාල ලැබූවන් පවා ඒ වන විට සිටියේ බොහෝ සෙයින් අඩපණාවය. අඛණ්ඩ ලේ වහනයද, වේදනාවද ඔවුන්ව පෙළමින් තිබුණේ එක සමත්වය.

තුවාලකරුවන්ගේ හැකිළුණු මුහුණු අතරින් වුවද අපේක්ෂා සහගත දැස් දිළිසෙමින් තිබිණ. ඔවුන් සෑම අයකුගේම අවධානය නිරන්තරව යොමු වී තිබුණේ අහස දෙසය. ක්‍රමයෙන් හෙලිකොප්ටරයක හඬ ඈතින් ඇසෙන්නට විය. එක එල්ලේ දර්ශනය නොවුවද එය M1 -17 වර්ගයේ යානාවක් බැව් හඳුනා ගන්නට එහි සිටි කිසිවකුටත් අපහසු නොවීය. එහිදී තුවාල කරුවන් අතර යම් පමණකට හෝ හිස ඔසවා බලන්නට හැකි අසවන් සූදානම් ඉරියව්වකට පැමිණීමට යුහුසුළු වනු පෙනිණ. එසේම සිහිසුන් තරමට බරපතල තත්ත්වයේ පසු වූවන් පවා හෙලිකොප්ටරයේ හඬ ඇසෙත්ම ඇසිපිය මදක් විවර කොට ජිවත් වීම උදෙසා වන සිය බලවත් උවනාවේ තරම් පෙන්වන්නට වූහ.

හෙලිකොප්ටරය තුළ ඔක්සිජන් හා රුධිරය ලබා දෙමින් සිටි තුවාලකරුගේ තත්ත්වය තවදුරටත් අවදානම් වන්නට විය. සිය පපු ප්‍රදේශයට වෙඩි පහරවල් දෙකක් එල්ල වී තිබූ හෙයින් ඔහු මුල සිටම හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුනේය.

වෛද්‍ය සහායකයා ඒ අසලින්ම රැඳෙමින් ඔහු වෙනුවෙන් සියලු වර යොදන්නට වූයේ තවත් කළ හැකි යමක් ඉතුරුව තිබේදැයි නිරතුරු විමසිළිමත් වෙමිනි. සිය ජීවිතය ජීවත් කරවීම උදෙසා හෙලිකොප්ටරය තුළ සෙසු අය දරන වෙහෙස තුවාලකරුටද දැනී තිබූ සෙයකි. එනිසාම සියලු අපහසුතා හමුවේ වුව අවසන් හුස්ම පොද ඉතිරි කරගන්නට ඔහුද අසීමිතව වෑයමි කරනු පෙනිණ.

ISBN
9789559719166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආමරිය සීල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.