අනන්තමය නිමේෂයක
න්‍යායිකය සහ තාර්කිකයෙහි අත්‍යවශ්‍ය දෘඨගුණය සහිත ඝන ගද්‍යට යට සැඟව සිටි සුමිත් චාමින්ද නැමති කවියාගේරූපකාත්මකය සහ හාස්‍යාත්මකය පද්‍ය විසින් මතුවෙනු දැක සතුටු වූ අය අතර මම ද වීමි. ඒ අලුත් ප්‍රකාශනය පද්‍යමය රචනයඉක්මවා කාව්‍යාත්මකය බවට පත්වන අසිරිය ද, ඒ අසිරියෙහි එ අසිරියෙහි එළියෙන් දේශපාලනිකය වෙත ද අලුත් එළියක් සපයනසැටිද මේ කවි මාලාවෙන් පෙනේ.
අලුත් කවියෙකු සිංහල බස සමඟ හැප්පෙන විට ඔහු වෙතින් පැන නගින්නේ "මුදා හැර අනන්තයෙ සුවහසක් තරු ගගන - විවරකොට විසල් වියහැකියාව" වැනි අප මින් පෙර නොදුටු රූපකයකි. තියුණු විචාරශීලි මනසක් සහිත උණුසුම් ආදරවන්තයා සහසහෘදත්වයෙන් ආලෝලිත මිනිසාගේ කාව්‍යමය ආත්මය සහ දැක්ම කවරක් විය හැකිද යන්න මෙහි එන බොහෝ ආදර කවි සහමනුෂ්‍ය සම්බන්ධතා ගැන ලියවුණු කවිවලින් පෙනේ.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති
වැඩවසම් යටත් වැසි ඔළුවට ලිබරල් වෙළෙද පොළ පාරිභෝගික කඳ බද්ධ කෙරෙන යුගයක සුමිත් චාමින්ද මිනිසාගේ සියලුසලායතන නැවත නැවත සකස් වීම ගැන කීමට ඕජා පිරි භාෂාවක් තනා ගනියි.නමුත් මේ තනි කරුණ සුමිත් චාමින්ද කවියා ෆ්රේම්කිරීමට කොහෙත්ම නොසෑහේ. ඇත්තෙන්ම සැලකිය යුතු කවියෙක් රාමු කළ හැකි ද?
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.