අනන්තමය නිමේෂයක

Special Price රු. 225.00 Regular Price රු. 250.00
Out of stock
SKU
ananthmaya-nimeshayaka-sumith-chaminda-vidarshana

න්‍යායිකය සහ තාර්කිකයෙහි අත්‍යවශ්‍ය දෘඨගුණය සහිත ඝන ගද්‍යට යට සැඟව සිටි සුමිත් චාමින්ද නැමති කවියාගේරූපකාත්මකය සහ හාස්‍යාත්මකය පද්‍ය විසින් මතුවෙනු දැක සතුටු වූ අය අතර මම ද වීමි. ඒ අලුත් ප්‍රකාශනය පද්‍යමය රචනයඉක්මවා කාව්‍යාත්මකය බවට පත්වන අසිරිය ද, ඒ අසිරියෙහි එ අසිරියෙහි එළියෙන් දේශපාලනිකය වෙත ද අලුත් එළියක් සපයනසැටිද මේ කවි මාලාවෙන් පෙනේ.

අලුත් කවියෙකු සිංහල බස සමඟ හැප්පෙන විට ඔහු වෙතින් පැන නගින්නේ "මුදා හැර අනන්තයෙ සුවහසක් තරු ගගන - විවරකොට විසල් වියහැකියාව" වැනි අප මින් පෙර නොදුටු රූපකයකි. තියුණු විචාරශීලි මනසක් සහිත උණුසුම් ආදරවන්තයා සහසහෘදත්වයෙන් ආලෝලිත මිනිසාගේ කාව්‍යමය ආත්මය සහ දැක්ම කවරක් විය හැකිද යන්න මෙහි එන බොහෝ ආදර කවි සහමනුෂ්‍ය සම්බන්ධතා ගැන ලියවුණු කවිවලින් පෙනේ.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති

වැඩවසම් යටත් වැසි ඔළුවට ලිබරල් වෙළෙද පොළ පාරිභෝගික කඳ බද්ධ කෙරෙන යුගයක සුමිත් චාමින්ද මිනිසාගේ සියලුසලායතන නැවත නැවත සකස් වීම ගැන කීමට ඕජා පිරි භාෂාවක් තනා ගනියි.නමුත් මේ තනි කරුණ සුමිත් චාමින්ද කවියා ෆ්රේම්කිරීමට කොහෙත්ම නොසෑහේ. ඇත්තෙන්ම සැලකිය යුතු කවියෙක් රාමු කළ හැකි ද?
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

Author සුමිත් චාමින්ද - sumith chaminda (2)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
More Information
ISBN 97895515591127
පිටු ගණන 70
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අනන්තමය නිමේෂයක
Back to Top