Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අන්නාපූර්ණා

අන්නාපූර්ණා

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

අන්නාපූර්ණා

පරිවර්තනය

කුමාරි වැළිහිඳ

1943 දී බෙංගාල ඉතිහාසයේ සිදු වූ දරුණුතම ඛේදවාචකය ලෙස සැලකෙන ‘බෙංගාල මහා සාගතය’ නමැති කුණාටුව නිසා මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්විය. නියඟය, අස්වනු පාළුවීම, ගොවිබිම් විනාශ වීම යන ස්වාභාවික කරුණු මෙන්ම බ්‍රිතාන්‍ය රජයේ නිර්දය ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති ‘මහා සාගතයට’ පාර කැපීය.

ජනතාව තමන් සතු සියලු සම්පත් විකුණා ආහාර සපයා ගත්ත ද පසුව ආහාර ද්‍රව්‍ය හිඟවීමත් සමඟ ගැමි දිවිය මුළුමනින්ම කණපිට පෙරැළිණ. පිරිමින් දරු පවුල් හැරපියා රැකියා සොයා නගරයට සංක්‍රමණය වූ අතර, ගැහැනු සහල් මනාවක් වෙනුවෙන් තමන් සතු සියලු වටිනාකම් කැප කළහ. වැරහැලි ඇඳිවතින් යුත් ඇටසැකිලි වන් මිනිසුන් වීදි පුරා සිගමන් යදිනු මෙන්ම තැන තැන මැරී වැටී සිටිනු දැකීම සුලබ දසුනක් විය. 

‘අසනි සංකේත්’ නමැති මෙම නවකතාවට පාදක වන්නේ ඒ ඓතිහාසික ඛේදවාචකය ජනතාව කෙරෙහි බලපෑ ආකාරයයි. කුමන ව්‍යසනයක් හමුවේ වුව සමාජ වටිනාකම් රැක ගැනීමට යත්න දරන අල්පයක් පමණ වූ මිනිසුන් ගැන මෙම නවකතාවෙන් කතා කෙරේ.

ISBN
9786242040660
පිටු ගණන (Pages)
181
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අන්නාපූර්ණා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.