Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නීතිය / ඇප දීමේ රීතිය
About this book

නීතිවේදීන්, නීති සිසුන් සහ නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨක ජනයා අතරත් අතිශය ජනප්‍රිය වූ මුලින් කර්තෘ ප්‍රකාශනයක් ලෙස එළිදුටු “ඇප දීමේ රීතිය” පොතේ තෙවැනි සංශෝධිත මුද්‍රණය සරසවි ප්‍රකාශනයක් ලෙස මෙසේ ප්‍රකාශිත වේ. මෙම ග්‍රන්ථය, ඇප නීතියේ ඉතිහාසය, ඇප දීමේ රීතියට අදාළ ශ්‍රී ලංකා නීතිය පිළිබඳ විග්‍රහයක්, මෙරට ඇප නීතියට බලපාන ව්‍යවස්ථා, අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ඇප නීතිය ක්‍රියාත්මක වන ආකාරය 1997 අංක 30 දරණ ඇප පනත හා එහි බලපෑම, අපරාධ අභියාචනවලදී ඇප නියම කිරීම, සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ ඇප නීතිය ක්‍රියාත්මක වන අයුරු, ඇප නීතියට බලපාන විශේෂ පනත් 15ක් පිළිබඳ විවරණයක් හා ඇප නීතියට අදාළ වර්ෂ 1985 සිට 2010 දක්වා විනිශ්චයන් දුන් නඩු තීන්දු 29ක් සහිත උප ග්‍රන්ථයකින්ද සමන්විත වේ. සරල සිංහලයෙන් ලියැවුණු "ඇප දීමේ රීතිය" නීති වෘත්තිකයන්ට, නීති සිසුන්ට මෙන්ම, නීතිය පිළිබඳ උනන්දු වන සාමාන්‍ය පාඨකයාටද එක සේ ප්‍රයෝජනවත් වන පරිදි සැකසුණු ග්‍රන්ථයකි.

“ඇප දීමේ රීතිය” ග්‍රන්ථයේ කර්තෘවරයා වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ සියලු සිවිල් අධිකරණවල සිවිල් නඩු කටයුතු සඳහා පෙනී සිටින නීතිඥවරයෙකි. ජයසේකර කළමනාකරණ මධ්‍යස්ථානයේ (JMC) උපාධි අපේක්ෂකයින්ට බැංකු නීතිය හා ව්‍යාපාර නීතිය පිළිබඳව දේශන පවත්වන කථිකාචාර්යවරයෙකි. "ලක්බිම ඉරිදා සංග්‍රහයට” නීති ලිපි සපයන විද්වතෙකි. වර්ෂ 1996 දී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය දිනාගත් ඔහු, මතුගම ආනන්ද ශාස්ත්‍රාලයයේ ආදි ශිෂ්‍යයෙකි.

මානව හිමිකම් ආයතනය (lHR) මෙහෙය වූ ජාත්‍යන්තර මානව හිමිකම් නීති පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ ඩිප්ලෝමාධරියකු වන හෙතෙම, මීට පෙර “එදිනෙදා ජීවිතයට නීතිය - 1”, “එදිනෙදා ජීවිතයට නීතිය - 2. සිවිල් නීතියේ නව ප්‍රවණතා”, "නීතියේ ප්‍රභව හා ආයතන”, "ව්‍යාපාර ලෝකයේ නීතිය”, "සමාගම් නීතියේ නව ප්‍රවණතා", "එදිනෙදා ජීවිතයට නීතිය - 3 සිවිල්, සමාජ, දේපළ නීති ප්‍රතිකර්ම”, “කල් ඉකුත්වීමේ නීතිය හෙවත් කාලාවරෝධය”, “එදිනෙදා ජීවිතයට නීතිය - 4 (නඩු නිමිති හා අධිකරණ බලය)”, “වංචා වැළැක්වීමේ නීතිය”, “මාර්ග අයිතිය”, “විවාහ නඩුකර” යන නීති ග්‍රන්ථ 12ක් සිංහලෙන් ලියා ප්‍රකාශයට පත් කර ඇත.

ISBN
9789556713923
පිටු ගණන (Pages)
173
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇප දීමේ රීතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.