Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අපේ රාජ්‍යය

අපේ රාජ්‍යය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සිතන්නට හැකි අප සෑම දෙනාටම රාජ්‍යයක් තිබේ. ඒ අපේ රාජ්‍යයයි. සැබැවින්ම අපේ රාජ්‍යය වූ කලී අපට ම හිමි ස්වාධීන සිහිනයකි.

මායාරංජන් ලේඛකයා ද මේ සිහිනය අප මෙන් දුටුවෙකි. එහෙත් ඔහුගේ රාජ්‍යයේ දිග පළල මතුනොව හිමිකම පාඨක ලෝකයට නිර්ලෝභීව දායාද කළේ ය. ඒ, ‘අපේ රාජ්‍යය’ කෘතිය මඟිනි. ගහකොළ සතා සිව්පාවා මෙන්ම දියකඳුරු යනු, අපගේ ලේ නහර මෙන් බැඳුණු ජීවයකි. නූතනයේ අපි බුරුතු පිටින් නාගරික හෝ අර්ධනාගරිකව දිවිගෙවමු. එහෙත්, වසර මිලියන ගණනක සිට අප රැස් කළ වනපෙත ආශ්‍රිත දිවිතතු මතක පොසිල ලෙස රැඳී තිබෙන වග ද අපි දනිමු. එහෙයින් මායාරංජන් පාඨක අපට ‘අපේ රාජ්‍යයට’ අඬගසන විට කෙසේවත් මඟහැර යා නොහැකි ය . අප සියලු බැඳීම් අත්හැර මතක පොසිල ඔස්සේ අතීත වනපෙතට ඇදීයන්නේ නිරායාසයෙනි. ‘දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන්’ කුල්මත් කළ සිතැතිව ඒ මතක මංපෙත් දිගේ වනපෙත පීරා එහි සැරිසැරීමට ද ගඩාගෙඩි කමින් සතුන් අතර නිදහස් - නිවහල් මිනිසකු ලෙස ගතකිරීමට ද මහත් සේ ආශා කරමු. මායාරංජන් වනපෙත ඔසුවක් කොට පාඨක සිතට කවන්නේ රෝගී සිත් නිරෝගී කරන අටියෙනි.

- ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත

ISBN
9789556563382
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අපේ රාජ්‍යය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.