අපූරු නැනෝ තාක්ෂණය

Special Price රු. 180.00 Regular Price රු. 225.00
Out of stock
SKU
apuru-neno-thakshanaya-sasani-jayawardhana-darshana
Author සසනි ජයවර්ධන - Sasani Jayawardhana (2)
Publisher දර්ශන ප්‍රකාශන - Darshana Prakashana (19)
අද, ඔබ මෙය කියවන මොහොත වන විටත් ලොව තවත් මෙවැනි තාක්ෂණික විප්ලවයක් සිදුවෙමින් තිබෙන බව දන්නවාද? මේ නැනෝ තාක්ෂණික විප්ලවයයි. මේවන විටත් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත් හෝ නැනෝ තාක්ෂණය උපයෝගයෙන් සෑදු භාණ්ඩ පරිභෝජනය කර ඇත. ඔබ භාවිතා කරන පරිගණකයේත්, රූපවාහිනි යන්ත්‍රයේත්, නිවසේ ආලේප කර ඇති තීන්ත තුලත්, පැළඳ සිටින ඇඳුමේත්, අසනීපයට ගන්නා ඖෂධ කරලේත්, ගමන් ගන්නා වාහනයේත් මෙම නැනෝ තාක්ෂණය ගැබ් වී ඇත. නැනෝ ලෝකය, අනාදිමත් කාලයක සිට අප අතර තිබුණ ද, එය දැක ගැනීමටත්, ගවේෂණය කිරීමටත්, අපට සිතැඟි පරිදි හැසිර වීමටත් අවශ්‍ය දැනුම ඉස්මතු වූයේ මෑතකදීය. අප අතර සැඟවී තිබූ මෙම අපූරු නැනෝ ලෝකය තව තවත් ගවේෂණය කිරීමෙන් නැනෝ තාක්ෂණය තව තවත් දියුණුවට පත් වී අපට නැතුව බැරි අංගයක් බවට පත් වේවි. නැනෝ තාක්ෂණය පදනම් කර ගත් භාණ්ඩ හා යෙදුම් නිපදවන රට වල් ආර්ථික වශයෙන් මහත් දියුණුවට පත් වීමට බොහෝ ඉඩ කඩ ඇත. එසේ නම් අනාගත පරපුර නැනෝ තාක්ෂණය ගැන දැන සිටීම රටක සමාජයක ප්‍රගතියට අනිවාර්ය වේ. නැනෝ තාක්ෂණය පිළිබඳ මූලික සංකල්ප හා එහි යෙදුම් ඉතා සරලව, සුගමව හා ඕනෑම කෙනෙකුට කියවා තේරුම් ගත හැකිවන පරිදි මෙම පොත එළි දැක්වීමට ආචාර්ය සසනි ජයවර්ධන සමත් වී ඇත. 21වන සියවසේ ආශ්චර්යය ලෙස හැඳින්වෙන නැනෝ තාක්ෂණය අළලා ලියැවුනු ඉතා සීමිත පොත් අතරට මෙවන් ග්‍රන්ථයක් ඇතුලත් වීම යුගයේ අවශ්‍යතාවයක් ලෙස මම දනිමි. මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා
More Information
ISBN 9789559433453
පිටු ගණන 78
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අපූරු නැනෝ තාක්ෂණය
Back to Top