Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / අපූරු නැනෝ තාක්ෂණය

අපූරු නැනෝ තාක්ෂණය

About this book
අද, ඔබ මෙය කියවන මොහොත වන විටත් ලොව තවත් මෙවැනි තාක්ෂණික විප්ලවයක් සිදුවෙමින් තිබෙන බව දන්නවාද? මේ නැනෝ තාක්ෂණික විප්ලවයයි. මේවන විටත් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත් හෝ නැනෝ තාක්ෂණය උපයෝගයෙන් සෑදු භාණ්ඩ පරිභෝජනය කර ඇත. ඔබ භාවිතා කරන පරිගණකයේත්, රූපවාහිනි යන්ත්‍රයේත්, නිවසේ ආලේප කර ඇති තීන්ත තුලත්, පැළඳ සිටින ඇඳුමේත්, අසනීපයට ගන්නා ඖෂධ කරලේත්, ගමන් ගන්නා වාහනයේත් මෙම නැනෝ තාක්ෂණය ගැබ් වී ඇත. නැනෝ ලෝකය, අනාදිමත් කාලයක සිට අප අතර තිබුණ ද, එය දැක ගැනීමටත්, ගවේෂණය කිරීමටත්, අපට සිතැඟි පරිදි හැසිර වීමටත් අවශ්‍ය දැනුම ඉස්මතු වූයේ මෑතකදීය. අප අතර සැඟවී තිබූ මෙම අපූරු නැනෝ ලෝකය තව තවත් ගවේෂණය කිරීමෙන් නැනෝ තාක්ෂණය තව තවත් දියුණුවට පත් වී අපට නැතුව බැරි අංගයක් බවට පත් වේවි. නැනෝ තාක්ෂණය පදනම් කර ගත් භාණ්ඩ හා යෙදුම් නිපදවන රට වල් ආර්ථික වශයෙන් මහත් දියුණුවට පත් වීමට බොහෝ ඉඩ කඩ ඇත. එසේ නම් අනාගත පරපුර නැනෝ තාක්ෂණය ගැන දැන සිටීම රටක සමාජයක ප්‍රගතියට අනිවාර්ය වේ. නැනෝ තාක්ෂණය පිළිබඳ මූලික සංකල්ප හා එහි යෙදුම් ඉතා සරලව, සුගමව හා ඕනෑම කෙනෙකුට කියවා තේරුම් ගත හැකිවන පරිදි මෙම පොත එළි දැක්වීමට ආචාර්ය සසනි ජයවර්ධන සමත් වී ඇත. 21වන සියවසේ ආශ්චර්යය ලෙස හැඳින්වෙන නැනෝ තාක්ෂණය අළලා ලියැවුනු ඉතා සීමිත පොත් අතරට මෙවන් ග්‍රන්ථයක් ඇතුලත් වීම යුගයේ අවශ්‍යතාවයක් ලෙස මම දනිමි. මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා
ISBN
9789559433453
පිටු ගණන (Pages)
78
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Write a review
Write a review

You're reviewing: අපූරු නැනෝ තාක්ෂණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.