Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / අර්ධාංගනී

අර්ධාංගනී

About this book

තුෂාරි ජයසිංහ ප්‍රවෘත්ති පත්‍ර සඟරා හා සමාජ මාධ්‍ය මඟින් තම (කේවල) පද්‍ය නිර්මාණ පළ කොට ඇති අතර අර්ධාංගනී වනාහි ඇගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි. තේමා විවිධත්වය, නවතාව, කාලීනත්වය, ගම්‍යාර්ථයේ ගාම්භීරත්වය, අර්ථ රසය ප්‍රබල කරන ශබ්ද සෞන්දර්යය, අර්ථය රසවත් කරන සංකල්ප රූප හා සංකේත, අර්ථයට ගතිකත්වයක් දෙන උචිත පද හා වාග් ප්‍රයෝග ආදිය අතින් අද්ධාංගනී විශේෂත්වයක් ගනියි. සඳැස් සහ නිසඳැස් යන ආකෘති දෙවර්ගයේ ම පද්‍ය පන්ති ද ජපන් හයිකු ස්වරූප ගත් තනි පද්‍ය කීපයක් ද ඇතුළුව මෙහි පද්‍ය පන්ති 55ක් ඇත. තුෂාරි ජයසිංහ නවක නොව ප්‍රවීණ කිවිඳියක බව මෙම පද්‍ය සංග්‍රහය තහවුරු කරයි. ඇය විටෙක පොදු සිංහල ව්‍යවහාරයෙන් ද විටෙක ජන වහරින් ද තම කාව්‍ය චින්තා ඔප දමා ඇත. අෂ්ඨාංගනී පාඨකයාට පිරිනැමෙන උසස් කාව්‍ය කෘතියක් වන අතර එහි කාව්‍යචින්තා, ආකෘතික ලක්ෂණ අර්ථ රසය උද්දීපනය කරන රචනෝපක්‍රම, උචිත අක්‍ෂර පද සංකලනය යනාදියෙන් නැංවෙන චමත්කාරය පාඨකයා මෝහනයට පත් කරයි. නව ම ගවේෂණයේ ලා නවකයන්ට මෙයින් අත්වැලක්ද සැපයේ. තුෂාරි ජයසිංහ අතින් මෙවැනි නිර්මාණ තව තවත් බිහි වේවා යනු මගේ පැතුමයි.

මහාචාර්ය පියසීලි විජේමාන්න පේරාදෙණිය

ISBN
9789553127068
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අර්ධාංගනී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.