Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ආශාවේ වීදි රිය
About this book

ටෙනිසි විලියම්ස් (1911 මාර්තු 26 - 1983 පෙබරවාරි 25), ඉයුජීන් ඔ' නීල් සහ ආතර් මිලර් සමග ගත් කල 20 වන සියවසේ ඇමෙරිකානු නාට්‍ය කලාවේ ප්‍රමුඛතම නාට්‍යවේදීන් තිදෙනා අතරට වැටේ. ඔහු විසින් රචිත 'අ ස්ට්‍රීට්කාර් නේම්ඩ් ඩිසාය' (A Streetcar Named Desire) නාට්‍යය ඇමෙරිකානු සාහිත්‍යයේ විශිෂ්ටතම නාට්‍ය කෘති තුනෙන් එකක් ලෙස සැලකේ. 1940 දී ඔහු වෙත 'බැට්ල් ඔෆ් ඒන්ජල්ස්' නාට්‍යය සඳහා 'රොක්ෆෙලර් සම්මාන සාමාජිකත්වය' ක් පුද කෙරුණු අතර, 1948 සහ 1955 යන දෙ වසරදීම ඇමෙරිකාවේ ලේඛන කලාව සඳහා පිරිනැමෙන උසස්ම සම්මානය වන පුලිට්සර් ත්‍යාගය ද, 'නිව්යෝක් නාට්‍ය විචාරක කවය' ප්‍රදානය කළ සම්මාන තුනක් ද, ඩොනල්ඩ්සන් සම්මාන තුනක් ද, ටෝනි සම්මානයක් ද හෙතෙම දිනා ගත්තේය. ඔහුගේ සුප්‍රකට නාට්‍ය අතරට 'ද ග්ලාස් මෙනජරී' (1944), 'කැට් ඔන් අ හොට් ටින් රූෆ්' (1955), 'බේබි ඩෝල්' (1957), 'ඔර්ෆියස් ඩිසෙන්ඩින්' (1957), 'සඩන්ලි ලාස්ට් සමර්' (1958), 'ද ස්වීට් බර්ඩ් ඔෆ් යූත්' (1959) යන නාට්‍ය අයත් වේ. ටෙනිසි විලියම්ස් 1983 දී මෙලොව හැර යෑමට සිව් වසරකට පෙර ඔහු වෙත ඇමෙරිකානු වේදිකාවේ විශිෂ්ටයෝ අතරට ගෞරවාන්විත ප්‍රවිෂ්ටය ප්‍රදානය කර ඇත.

'සරල බවින් මතු කෙරෙන ගැඹුර නාට්‍යය පුරා දිවෙන මනුෂ්‍ය ආත්ම ශෝකය ඉස්මතු කර දැක්වීමට පරිවර්තක විසින් දක්වන කලාත්මක භාෂා භාවිතය කලා කෘතියේ නාටකීය විලාසයන් ඔබ මට්ටම් කර දක්වයි.... සිංහල වේදිකාවේ රංග ගත විය යුතු විශිෂ්ට නිර්මාණ අතරට පත් විය යුතු නිර්මාණයක් ලෙසින් 'ආශාවේ වීදි රිය' නාටකය මම දුටුවෙමි.
ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක

'නූතන සමාජයේ මිලේච්ඡ හා සාහසික බලවේගයන් විසින් මුදු බව, සංවේදී බව සහ සියුමැලි බව අපහරණය කරනු ලැබීම' පිළිබඳ නාටකයක් ලෙස ටෙනිසි විලියම්ස් විසින් ම හඳුන්වා දෙනු ලැබූ 'A Streetcar Named Desire' සංකේතවාදයත් යථාර්ථවාදයත් දෙමුහුන් කොට ගත් රචනාවකි. අනාරක්ෂිත ලොවක සුරක්ෂිතතාව සොයා යෑමේ අවශ්‍යතක මනුෂ්‍ය ලාලසාව ගවේෂණය කරන උත්ප්‍රාසාත්මක (ironic) නූතන ඛේදාන්ත නාටකයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වී ඇති මෙම නාටකය සිංහලයට නැඟීම රංගකලා ක්ෂේත්‍රයේ අධ්‍යයනයේ යෙදෙන්නන්ට ද, නිර්මාණකරුවන්ට ද, රසිකයන්ට ද දක්වන ලද වැදගත් අනුග්‍රහයකි. නාට්‍ය රචකයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස බොහෝ අත්දැකීම් ඇති චම්ප බුද්ධිපාලගේ 'ආශාවේ වීදි රිය' පරිවර්තන කාර්යය සිංහල පරිවර්තන නාට්‍ය සාහිත්‍යය ප්‍රවර්ධනය කෙරේ වන ප්‍රශස්ත දායකත්වයක් ලෙස අගය කළ මනා ය.
ඉන්දික ෆර්ඩිනැන්ඩු
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, කොළඹ

මහා වෙදගේ චම්ප පුෂ්ප බුද්ධිපාල, සරච්චන්ද්‍රයන් සහ ධම්ම ජාගොඩයන් විසින් පවත්වාගෙන ගිය 'රංග ශිල්ප ශාලිකා' වේ නාට්‍ය ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවෙකි. ඔහු 'ක්‍රිෂ්ණා' (ශෛලිගත), 'දස්කොන්' (තාත්වික) සහ 'මෙත්තාරා' (ශෛලිගත) නම් ස්වතන්ත්‍ර නාට්‍ය ත්‍රිත්වය රචනය කොට අධ්‍යක්ෂණය කර ඇත. මින් සරච්චන්ද්‍රයන් විසින් හඳුන්වා දුන් දේශීය නාට්‍ය සම්ප්‍රදාය ඇසුරෙන් නිර්මාණය කරන ලද 'මෙත්තාරා' නාටකය 2015 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මානයට භාජනය වූ අතර 'ආශාවේ වීදි රිය' නාට්‍යය 2016 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටය නියෝජනය කරමින් නාට්‍ය ක්ෂේත්‍රයේ විශේෂ අවධානයට පාත්‍ර වී ඇත.

ISBN
9789554339309
පිටු ගණන (Pages)
215
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආශාවේ වීදි රිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.