Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇතීනාගේ සලකුණ

ඇතීනාගේ සලකුණ

About this book

පර්සි ජැක්සන් සොයා නව රෝමයට යන ඇනබෙත්ට රෝමවරුන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වුවත්, ලියෝගේ අත්වැරදීමක් හේතුවෙන් රෝමවරුන්ගේ කෝපයට ලක්වීමට සිදුවේ. අනාවැකිය අනුව මරණයේ දොරටුව වසා, රෝමය විනාශ කිරීමට සැරසෙන මහී දෙවඟන ගයියා අවදි කරවීමට යෝධයන් දරණ උත්සාහය නතර කිරීමේ අරමුණින් ගවේෂණයක නිරත වන උපදෙවිවරු පිරිසට නොසිතූ විරූ අනතුරුවලට මුහුණ පෑමට සිදුවේ. 

මේ අතර යෝධයන් විසින්  හෙස්ල්ගේ සොහොයුරු නිකෝ පැහැරගෙන ඇති බව දැන ගැනීමට ලැබේ. නිකෝ බේරාගෙන මරණයේ දොරටු වසා දැමීමට ඇතීනාගේ සළකුණ සොයා රෝමය බලා පිටත්වන පිරිසට බිහිසුණු සතුරන් රැසක් සමඟ සටන් වැදීමට සිදුවෙයි. මේ අතර ඇතීනාගේ ප්‍රතිමාව සොයා යන ඇනබෙත් සියලු මකුළුවන්ගේ මව වූ ඇක්නි රාක්ෂියට හසුවෙයි. 

අනෙක් උපදෙවිවරු නිකෝ බේරාගැනීමට සමත් වුවත් ඇනබෙත් මරණය අබියසට පැමිණ ඇති බව ඔවුන්ට දැනගැනීමට ලැබේ. පර්සි ඇතුළු පිරිස ඇනබෙත් බේරාගැනීමට පිටත් වෙති. එහෙත් ඔවුන්ට එය කළ හැකි වේද? මරණයේ දොරටුව වසා දැමීමට ඔවුන්ට හැකිවේද? 

ISBN
9789556973235
පිටු ගණන (Pages)
506
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇතීනාගේ සලකුණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.