Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සැඟවුණු ක්ෂේමභූමිය

සැඟවුණු ක්ෂේමභූමිය

About this book

ඊජිප්තුවේ සුවිශාල බටහිර කාන්තාරය පාදක කර ගත් ත්‍රාසජනක හා කුතුහලාත්මක කතාවකි. ක්‍රි.පූ. 2152දී දී රටේ සෞභාග්‍යය වෙනුවෙන් කෙරෙන ජීවිත පූජාවක් සඳහා ප්‍රධාන පූජකයන් 80 දෙනෙකු එක්වෙති. ප්‍රධාන පූජකයා එහිදී බලගතු ශාපයක් ද කරනු ලබයි.

එයින් වසර හාරදහසකට පසුව වෘත්තීය කඳු නගින්නියක වූ ෆ්‍රෙයා හැනන් සිය සොහොයුරියගේ අවමංගල්‍යය සඳහා ඊජිප්තුවට පැමිණි අවස්ථාවේ එය මිනී මැරුමක් බවට සැකයක් ඇතිවෙයි. ඇය බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්යවරයකු වූ ෆ්ලින් බ්‍රෝඩී සමග අදාල මෙහෙයුම් කටයුතු සඳහා වෙහෙසවෙයි.

සදාම් හුසේන්ට න්‍යෂ්ටික බෝම්බයක් සෑදීම සඳහා ගෙන ආ යුරේනියම් කිලෝ පනහක් රැගෙන ආ ගුවන් යානයේ ඇතුරුදහන්වීම සහ සුවිශේෂී බලයක් සහිත බෙන්බෙන් පාෂාණය සොයා ඔවුන් සැඟවුන ක්ෂේමභූමිය සොයා යන්නේ එහි එක් පියවරක් වශයෙනි. අදාල පරීක්ෂණ කටයුතු ඉතා ත්‍රාසජනකය. කුතුහලාත්මකය. එය මෙම පොතේ වචන 161,000කට අධික සංඛ්‍යාවකින් සවිස්තරාත්මකව විස්තර කර ඇත.

නිකම් විනෝදයකට කියවීම සඳහා පමණක් නොව සහරා කාන්තාරය හා පුරාවිද්‍යාවත් රහස් පරීක්ෂණ හා ඔත්තු සේවා ගැනත් බොහෝ දේ දැන ගැනීම සඳහා මෙම පොත ප්‍රයෝජනවත්ය.

ISBN
9789556973228
පිටු ගණන (Pages)
607
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සැඟවුණු ක්ෂේමභූමිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.