Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අවුෂ්විට්ස්හි සොහොයුරියෝ

අවුෂ්විට්ස්හි සොහොයුරියෝ

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කොට මාස අටකට පසුව ඔවුන්ගේ කෲර පාලනය නෙදර්ලන්තය කරා ද ගෙන ගියේ ලන්දේසි ජනතාවත් කෲර හස්තයට යට කරමිනි. ඔවුන්ගේ කෲර පාලනයට එරෙහි වූ විරෝධතා නෙදර්ලන්තය පුරා පැතිර ගියේ ය. එසේ විරෝධතාවන්ට නායකත්වය දුන් යුදෙව් සොහොයුරියන් දෙදෙනෙකි ඇම්ස්ටර්ඩෑමයේ ජැනී හා ලීන් බ්‍රිලිස්ලිපර්.

අත්අඩංගුවට ගැනීමේ හා මරණයේ අවදානම මැද දෙසොහොයුරියෝ තවත් බොහෝ දෙනෙකුට ආරක්‍ෂාවීමට උදව් කරන ලද්දේ 'හයි නෙස්ට්’ නම් සැඟවුණු ගුප්ත ආරක්‍ෂිත ස්ථානයේ සෙවණ ඔවුන්ට ලබා දෙමිනි.

මේ නිවස හිට්ලර්ගේ තර්ජනයට ලක් වූ බොහෝ සරණාගතයන්ගේ මෙන්ම නිර්මාණකරුවන්ගේ ද යටිබිම් රහස් මධ්‍යස්ථානයක් විය. ඇම්ස්ටර්ඩෑම් හා හේග් නගර අතර ඔවුන් ගතකළ ලස්සන ජීවිතය සිහි කරමින් බොහෝ දෙනා එහි ගත කළහ.

සොහොයුරියන් දෙදෙනාගේ භයානකම කාලය වූයේ ක්‍රමක්‍රමයෙන් එහි නිවැසියනුත් ඔවුනුත් පාවාදීමට ලක් වූ පසුවය. ඔවුන් සමග සිටි ඈන් ප්‍රෑන්ක්ගේ පවුලත් අන්තිම දුම්රියේ පටවා එහිම යවනු ලැබූහ.

තමන් සතු සියලු දේත් ආදරණීයනුත් ක්‍රමයෙන් තමන්ට අහිමි වෙද්දී සොහොයුරියෝ එකිනෙකාට ආදරය කරමින් ධෛර්යයෙන් ඉන් ගැලවීමට උත්සාහ ගත්හ.

මේ ඔවුන්ගේ දිරිය කතාවයි.

 

ISBN
9786245710737
පිටු ගණන (Pages)
376
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අවුෂ්විට්ස්හි සොහොයුරියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.