සූරියකාන්ත මල
ඔහු තම අවසන් කොටස කීමට මහත් වෙහෙසක් දරන අයුරු මම දිටිමි. කතාවේ අවසානය මහත් දුඃඛිත එක්ක බව මට ස්ථිරය.
"...දෙවෙනි තට්ටුවේ ජනේල වලින් මං දැක්ක මිනිහෙක්. එයා අතේ පුංචි දරුවෙක් ඉන්නවා. එයාගේ ඇඳුම් ගිනිගන්නවා. එයා ළඟින් හිටියා කාන්තාවක්. මං හිතන්නෙ බිරිඳ වෙන්න ඇති. මිනිහා එයාගෙ එක අතකින් දරුවගේ දෑස් වසාගෙන. ඊට පස්සෙ එයා වීදියට පැන්නා. තත්පරයකින් අම්මත් පැන්නා. අනික් ජනේලෙන් අපි දැක්කා ගිනිගන්නා සිරුරු. අපි වෙඩි තිබ්බා. ඕ දෙවියනේ... මියැදෙමින් සිටින පුද්ගලයා ඔහුගේ වෙලා තිබූ ඇස් දෙක ඉදිරියෙන් තම අත තබාගත්තේ ඒ චිත්‍රය තම මනසින් මකාලන්නට මෙන්ය. “මං දන්නෙ නෑ කී දෙනෙක් ජනේලවලින් බිමට පැන්නද කියලා. ඒත් මට ඒ අතරින් එක පවුලක් අමතක කරන්න බැහැ. අඩුගානේ ඒ කුඩා දරුවව වත්. ඒ ළමයගේ කළු කෙස්.”
ඔහු නිහඬවූයේ මුළුමනින්ම වෙහෙසට පත්වෙමිනි.
ඔහු විස්තර කළ අඳුරු ඇස් මට මතක් කළේ එලීය. ඔහු ලෙම්බර්ග් යුදෙව් ජනාවාසයේ සිටි හය හැවිරිදි විමසුම් සහගත විශාල දෑසක් හිමි දරුවෙකි. ඔහුගේ ඇස් තේරුම් ගත නොහැකි කාටදෝ චෝදනා කරන ඇස් දෙකකි. මට ඒ ඇස් කවදාවත් අමතක කළ නොහැකිය.
| Author | දයා ඩි. ෆොන්සේකා - Dayaa D. Fonseka (10), Simon Wiesenthal (1) |
|---|---|
| Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (653) |
| ISBN | 9786245711260 |
|---|---|
| පිටු ගණන | 110 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |




