Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්

හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්

About this book

විදෙස් භාෂාවකින් ලියැවුණු නිර්මාණාත්මක කෘතියක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීම අසීරු කාර්යයකි.

සාර්ථක පරිවර්තනයක් කිරීමට කෘතියක මුල් භාෂාව පමණක් නොව එරට සංස්කෘතිය, සමාජ හා දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද නිවැරදි හැදෑරීමක් මෙන්ම, පරිවර්තනය කරන ස්වදේශීය භාෂාව පිළිබඳව නිවැරදි අවබෝධයක් හා ලිවීමේ අපූරු දක්ෂතාවයක් ද තිබිය යුතුය.

"හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්" කෘතියේ පරිවර්තකයා වන දයා ඩී. ෆොන්සේකා කුසලතා පිරි ලේඛකයෙකි. ඔහු කළ හතළිහකට ආසන්න පර්වර්තන කෘති ඊට සාක්‍ෂි සපයයි.

වෘත්තීය පුවත්පත් කලාවේදියකු ලෙස විවිධ පුවත්පත්, සඟරා සහ ලේක්හවුස් ආයතනයේදී ලද අත්දැකීම් නිර්මාණාත්මක ලේඛකයකු ලෙස සාර්ථක වන්නට හේතුවක් වෙයි. ඊටත් වඩා ඔහුගේ ලිවීමේ රටාව හැඩගැන්වෙන්නේ ගීත රචකයෙකු ලෙස ඔහු ලබා ඇති සාර්ථකත්වයයි. මිල්ටන් මල්ලවආරච්චි ගයන "දෑස රිදෙනවා පාර බලා ඉඳලා, වික්ටර් රත්නායක ගයන “අමාගඟක් ගලාලා” වැනි ගීත දයා ඩී. ෆොන්සේකාගේ ප්‍රතිභාව පෙන්වන රචනා ය.

දයා ඩී. ෆොන්සේකාගේ අලුත්ම පරිවර්තන කෘතිය ප්‍රෙඩ් ග්‍රෝස්ගේ One Step Ahead of Hitler නමැති මෙම කෘතියයි.

කතුවරයාගේ සරල සුන්දර පරිවර්තනය මෙම වෘත්තාන්තය කියවීමට පාඨකයන්ට සුහද ඇරයුමක් කරයි.

ජයන්ත කළුපහණ - මව්බිම කර්තෘ මණ්ඩලය.

Details
ISBN
9786245711093
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්

Reviews are published once a member of our team has read them.