Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අවසන් අධිරාජිනිය

අවසන් අධිරාජිනිය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

යෙහොනෙලා හෙවත් ඕකිඩ් චීන අධිරාජ්‍යාගේ තුන් දහසක් අන්තඃපුර කතුන් අතර එක් අයකු වූවා පමණි. එහෙත් අභිලාශී ඕකිඩ් අධිරාජ්‍යාගේ හදවත දිනාගැනීමට සමත් වනවා පමණක් නොව සිහසුනට පුතකු දායාද කිරීමේ භාග්‍යය ද හිමි කර ගන්නීය. අධිරාජ්‍යා අඩු වයසින් දෙව්දොව දෙවියන් අතරට යද්දී තනිවන ඕකිඩ් කුඩා පුත් කුමරුගේ අනාගතය ද රටේ නොසන්සුන් තත්ත්වය ද පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගන්නීය. “අධිරාජිනිය ඕකිඩ්” තුළින් ඔබ හඳුනාගත් ඇය අධිරාජ්‍යා නොමැතිව ගත කරන දිවිය මතුපිටින් සුරංගන කතාවක් සේ දිස් වුවද එය රනින් නිමකළ සිරිරියෙගයක් ම විය. ඇය හට සටහන් කරන්නට සිදුවූයේ මාලිගා සම්ප්‍රදායයන් හා අනොරක් නැති විදෙස් බලවේග සමඟ පමණක් නොව සම අධිරාජනිය වූ නුහාරු, අධිරාජයාගේ ඥාතීන්, රාජ සභාවේ නිලධාරීන් මතු නොව එක් කුස උපන් සහෝදර සහෝදරියන් ද ඇතුළුව මුළු මහත් සමාජය සමගය. යෞවන අවධියේ ම වැන්දඹුවක වූ ඕකිඩ් හට රාජකීය සම්ප්‍රදායයන්ට අනුව තම දිවියේ ඉතිරිය තනිව ගත කරන්නට සිදුවන්නේ ඇගේ රහසිගත ආදරය දැක්මකට පමණක් සීමා කර ගනිමිනි. නින්දාසහගත විදෙස් අතපෙවීම් හා අභ්‍යන්තර ගැටුම් හමුවේ තම මව්බිම රැක ගැනීමට ඕකිඩ් අධිරාජනිය ශක්තිමත් ව නැගී සිටියත් ඇගේ චිත්ත සන්තානයේ හට ගන්නා සිතිවිලි ඇති සැටියෙන් කිසිවකු නොදුටුවහ.

ISBN
9786245519484
පිටු ගණන (Pages)
423
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අවසන් අධිරාජිනිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.