අවසන් ගීතය
Details
ISBN
9789553116987
පිටු ගණන (Pages)
470
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 4
-
Love Storyඅවසන් ගීතය ~ THE LAST SONG
"ජීවිතය ගීතයක් බව ඔහු හඳුනා ගත්තේය.ආරම්භයේදී එය අබිරහසකි. අවසානයේදි එහි ඇත්තේ තහවුරු කිරිමකි. නමුත් ඒ සියල්ලේ වටිනා බව පසක් කරනා රහස්‍යභාවයත් ඇත්තේ එහි මධ්‍යයේ ය....
වසර ගණනාවකට පසු පළමුවරට තම පැනයන්ට පිළිතුරු ලැබී ඇති බවට ඔහු දැනගත්තේය... දෙවියන් සෑම තැනකම සෑම මොහොතකම සිටින බවත් , සෑම දෙනාටම හමුවන බවත් අවසානයේදී ඔහු වටහා ගත්තේය."
අවසන් ගීතය ජනප්‍රිය නවකතාකරුවෙක් වන Nicholas Park ගේ රසවත් කෘතියකි. රොනී මිලර් නමැති 17 හැවරිදි තරුණියක් වටා ගෙතෙන මෙය යොවුන් ආදරය , මව් පිය ආදරය සොයුරු පෙම හා මිතුදම යන ආදරයේ විචිත්‍ර පැහැයන් ගේ සම්මිශ්‍රණයකි.
Nicholas Park ගේ කෘති සිනමාවට පවා නැගී ඇති අතර ලොව පුරා භාෂා 50 ට අධික ප්‍රමාණයකට පරිවර්තනය වී ඇති අතර මිලියන ගණනක් අලෙවි වී ඇත.ඔහුගේ එදා මෙදා තුර ජනප්‍රිය ම කෘතිය වන්නේ " A Walk to Remember " ය. මෙම කෘති සිංහල බසින් පරිවර්තනය කිරිමෙන් මෙරට හෙළ බසින් පොත් කියවන පාඨකයාට පරිවර්තිකාව ඉටුකර ඇති මෙහෙය ප්‍රශංසනීය වේ.
ශානරය - ආදරණීය නවකතා
පරිවර්තනය - මුදිතා ලක්මිණි වැන්දබෝනා
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශන -
★★★★★ අවසන් ගීතය*** පරිවර්තිකාවගේ සටහනකි ***
ආදරයේ සුන්දරත්වය සිය අකුරින් අපූරුවට සිත්තම් කරනා ඇමරිකානු ලේඛක නිකලස් ස්පාර්ක්ස්ගේ තවත් එක් ආදරණීය කතාන්දරයක් වූ 'The Last Song' නවකතාව සිංහල බසට නැගුණේ 'අවසන් ගීතය' නමින්. එනමින් ඇති චිත්‍රපටය වෙනුවෙන් තිර පිටපත මුළින් රචනා කරන්නට පටන්ගත් බවත්, නවකතාව ඒ සමගින් ගොඩනැගුණු බවත් කතුවරයාගේ නිළ වෙබ් අඩවියේ සඳහන්.
මේ කතාන්දරය ඔබට කියන්නට සිව් දෙනෙක් එකතු වෙනවා: රොනී - දහ හත් හැවිරිදි, පෙරළිකාර ගති පැවතුම් ඇති තරුණියක්, ස්ටීව් - ගැඹුරු ජීවන දෘශ්ඨියකින් යුතු, කලක් සංගීත ගුරුවරයෙකු ලෙසින් සේවය කළ රොනීගේ පියා, විල් සහ මාර්කස් - එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගතිගුණවලින් යුතු තරුණයන් දෙදෙනෙක්. ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලයිනාවේ විල්මිංටන් නමැති වෙරළබඩ ගම්මානය පාදක කරගෙන දිගහැරෙන මෙම කතාන්දරය ඉදිරියට ගලාගෙන යන්නේ මේ එක් එක් චරිතවල දෘශ්ඨි කෝණයන්ගෙන් ලියැවුනු පරිච්ඡේද සමගින්.
මේ පරිච්ඡේද අතර ඔබට මා-පිය දූ දරු ප්‍රේමය, මිත්‍රත්වය, සහෝදරත්වය හා යොවුන් ආදරය නමැති ආදරයේ විචිත්‍ර පැහැයන්ගෙන් වර්ණ ගැන්වුනු නිමේශයන් හමු වනු ඇත; සංගීතයත්, කලාවත් ජීවිතය සුවපත් කරන්නට දායක වන අන්දම දැකගත හැකි වනු ඇත; උත්තරීතර මානව දයාවෙන් පිරිපුන් කාරුණික හදවතක පරිත්‍යාගශීලී ගුණය, දයාබර බව අත්දකින්නට හැකි වනු ඇත.
අවසන, අවසන් ගීතයේ රිද්මය දෑස් වසා මෙනෙහි කරමින් ඔබ ද එම දයාර්ද ගුණයන්ගෙන් ඔබේ හදවත් පොහොසත් කරගනු ඇත.
2020 සැප්තැම්බර් මස දී නිකුත් වූ 'අවසන් ගීතය' සරසවි ප්‍රකාශනයකි. -
★★★★★ Reply to CheReply to Che: මෙම කතාවේ හමුදාවට සම්බන්ධයක් නැත.
-
හමුදාව සම්බන්ද වෙන්නෙ කොහොමද
Write a review
Write a review