Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිනි ගත් සඳ
About this book
අයි.එස්. ත්‍රස්තවාදීන්, නාදියා පැහැරගෙන, වහලියක බවට පමුණුවා බලෙන් දුෂ්‍ය කර, කුරිරු වධ හිංසා දී, එකම දිනකදී ඇගේ පවුලේ සාමාජිකයන් හත්දෙනෙකු ඝාතනය කර, ඈ නිහඬ කිරිමට සිතුවාට කිසිදු සැකයක් නැත.
එහෙත් නාදියා නිහඬව සිටීම ප්‍රතික්ෂේප කළාය. ඈ සිය ජීවිතයට කළු පැල්ලම් එක්කළ ලේබල්වලට එරෙහිව නැඟී සිටියාය. අනාථයෙක්, ලිංගික වින්දිතයෙක්, වහලියක්, සරණාගතයෙක්. ඒ වෙනුවට නව වටිනාකම් ඈ වටා ගොඩනැගිණි. ගැලවුම්කාරියක්, යසිඩි නායිකාවක්, කාන්තා ක්‍රියාකාරිනියක්, එක්සත් ජාතීන්ගේ යහසාධන තානාපතිනියක්, දැන් වන විට නොබෙල් සාම ත්‍යාගලාභිනියක්.
ඉකුත් කාල පරාසය තුළදී ඈ සිය හඬ අවදි කළා පමණක් නොව මිනිස් සංහාරයේ වින්දිතයන් බවට පත් සියලුම යසිඩින්ගේ, අපයෝජනයට ලක්වු සියලුම ස්ත්‍රීන්ගේ, යනඑන මං නැති වු සියලුම සරණාගතයන්ගේ හඬ බවට පත්වූවාය.
සාහසිකත්වය මඟින් ඇය නිහඬ කිරීමට හැකිවේ යැයි සිතූ පිරිසට වැරදී ඇත. නාදියා මුරාද්ගේ ජීව ගුණය නොසැලී නොබිඳි පවති. ඇගේ හඬ කිසි විටෙකත් ගොළු කළ නොහැකිය. ඒ වෙනුවට මෙම කෘතිය තුළින් ඇගේ හඬ අන් කවරදාකටවත් වඩා කුළුගැන්වී මහා හඬක් නඟනු ඇත.
ISBN
9789553117601
පිටු ගණන (Pages)
441
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිනි ගත් සඳ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.