මයාඩා - චිත්‍රා අයි පෙරේරා
පළමු ලෝක යුද්ධයෙන් පසු ව ඔටෝමන් අධිරාජ්‍යය පරිහානියට පත් විය.අධිරාජ්‍ය පාලනය යටතේ පීඩාවට පත් ව සිටි අරාබි ජනතාව නිදහස් ජාතීන් වශයෙන් නැඟී සිටින්නට සිතූ හ. එහෙත්, යුරෝපීයයන් රටේ අයිතිරුවන් සේ සිතන බව දැන ගත් අරාබි ජාතීහු කලකිරීමට පත්වු හ. සුන්නි මුස්ලිම්වරුන්ගේ ආශ්‍රය බ්‍රිතාන්‍යන් පහසුවට පත් කළ හෙයින් වැඩි ජනකායක් වු ෂිට් මුස්ලිම්වරුන්, සුන්නි මුස්ලිම්වරුන් යටතට පත් වන්නට උප්‍රකම යෙදිණි.
මයාඩා ගේ මුතුන් මිත්තෝ ඔටෝමන් රජ පෙළපතට නෑකම් කියන්නෝ වූහ. එසේ වුවද, සුවිශේෂි පුද්ගලයකු වු මයාඩා ගේ පියා ජෆාර් අල් අස්කාරි, අරාබි හමුදාවේ නායකයා විය. ෆයිසාල් කුමරුට හා ඊ.වී.ලෝරන්ස්ට එක්වී ඔහු ඔටෝමන් රාජ්‍ය බිඳ හෙළුවේය. මයාඩා ගේ මව ගේ පියා සාති අල් හුස්රි, අරාබි ලොව ම පිළිගත් බුදධිමතෙක් විය. අරාබි දේශය පාලනය කරනු ලැබිය යුත්තේ අරාබීන් විසින්ම බව පළමු වරට පැවසුවේ ඔහු ය.
මුතුන් මිත්තන් මෙන් මයාඩා ද සුන්නි මුස්ලිම් කාන්තාවකි. මයාඩා ගේ මුල් නිවස හැදින්වුයේ දේශපාලන නිවස යනුවෙනි. 1968 පසු බාත් පක්ෂය බලයට පැමිණියේය. මයාඩා ගේ පවුලේ වැඩිහිටියන් දේශපාලන බලයෙන් ඉවත් කෙරිණි. එසේ වුවද මයාඩාගේ පවුලේ සාමාජිකයෝ බැග්ඩෑඩයෙහිම ජීවත් වුහ.
මයාඩා උපන්නේ හැදුණේ වැඩුණේ ඉරාකයෙහි ය. ඈ පුවත් පතක වාර්තාකාරියක ලෙස සේවය කළාය. ඇය විවාහ වුයේද ඉරාක ජාතිකයෙකු සමගිනි.ඉරාකයේ දී ඈ දරුවන් දෙදෙනෙකු ලද්දා ය. ඉරාක - ඉරාන යුද්ධය, ගල්ෆ් යුද්ධය ආදියට මුහුණ දි සිටිය ද ඇය ඉරාකයේම ජීවත් විමට සිතා - ගත්තේ කුඩා කල සිට ම ජීවත් වු ජන්ම භූමියට ආදරය කළ නිසාය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.