Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / අවසන් කටයුතු අනිද්දා

අවසන් කටයුතු අනිද්දා

About this book

කවිය භාෂා පරිකල්පනයේ අග්‍ර මොහොත යැයි කිව හැකිය. එබැවින් කවීත්වය පිහිටා සිටින තැන නිරායාසයෙන් ම භාෂාවේ හෘද තානය පිහිටා ඇත. භාවයන්වල රිද්මය නිබදව ප්‍රකාශ වන්නේ කාව්‍ය භාෂාවෙන් ය. එබැවින් කවි බස වූ කලි "හද බස" බව කිව හැකි ය. හෘදය විදාරණය වන කල්හි හද බස උපදින බව පැහැදිලි ය. එබැවින් කවි මඟට පිලිපන් නිර්මාණකරුවා යනු හෘද රිද්මයන් ඔස්සේ හද බස අවදි කරවන මනරම් භාව භාෂිතයෙකු ම ය. මේ අනුව ප්‍රබෝධ වන්නිආරච්චිගේ සුහුඹුල් කවි අංකුර ඒ හෘද විදාරණයේ දිග හැරුමක් ය. කාව්‍යකරණයෙහිලා ප්‍රබෝධ තබන පියවර අගය කළ යුතු තරම් ය. එමෙන් ම පරිකල්පන කලාපය බහුමාන පිවිසුමෙන් පොහොසත් ය. කාව්‍යාලංකාර භාවිතයේදී ඔහු වහර හා තදාසන්න භාව මතකයන් සමෝධානය කර ගන්නා ආකාරය ඉස්මතුව පෙනෙයි. එය අනාගත කවිකාර මනරම්‍ය භාවිතාවකට ඉඟි සපයා දී ඇත. කවියා නිතැතින් ම භාවාලංකාරය හා මානව දයාමය එබී බැල්මකින් ද සොබා දහමේ නින්නාදයන් හා ධර්මතා මත ද පිහිටා සිටීම වැදගත් ය. ප්‍රබෝධගේ කවි භාෂිතයේ එම පිහිටීම සංකේතමය ලෙස මතුව දැකිය හැකි ය.

කවීත්වයේ ගැළපුම සොයා යාමේ ඔහුගේ උත්සාහයට දිරි දිය යුතු ය. ප්‍රබෝධ තුළ නිදන් ගතව සිටිනා කවියා අවදිව බොහෝ දුර පිය මැන යනු ඇතැයි ප්‍රාර්ථනා කළ හැකි තරම් හැඟීමක් ඔහුගේ කවි පොතින් අදහස් ජනනය කරයි. ඔහු සුඛනම්‍ය භාෂා භාවිතයේ තිව්‍රත්වය හා භාෂා ඡන්දස්වල භාව මානය තවත් තිව්‍රව අධ්‍යනය කරමින් පියසටහන් තැබිය යුතුය.

ප්‍රබෝධ තුළ සිටින හැඟුම් ගංගාව උතුරා පිටාර යෑමට එය උත්ප්‍රේරක වනු නොවනුමාන ය. මෙම කෘතිය කාව්‍ය සුහුඹුලෙකුගේ කාව්‍ය ව්‍යායාමයක් බව සැබෑ ය. එම ව්‍යායාමය මතු දිනෙක සිංහල සාහිත්‍යය වෙත අනාගතය කැඳවන විසල් තුරු සිසිලසක් සේ නැඟී සිටිය යුතු ය. කාව්‍ය වෙත ලාල ලෝලිත වූ ලෝලත්වය ද එය වෙත වූ හද ප්‍රේමය හා නිති අභ්‍යාසයන් ද ප්‍රබෝධ ඒ මඟට කැටුව යනු ඇත. ප්‍රබෝධ වන්නිආරච්චි හට සුභ දිශානතිය කරා පියවර මැන යන්නට ප්‍රතිභා සම්පන්න පිවිසුමක් වේ. එබැවින් ඔහුට හද බසත් මව් බසත් ඔපලන පද වියමනින් ප්‍රබෝධ වන්නට දිරි පතමි.

මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අවසන් කටයුතු අනිද්දා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.