අවිරාම ප්‍රේමය
"නිබ්බුතා. තව අවුරුද්දකින් මම අවුරුදු හැටපහක විශ්‍රාමිකයෙක්. ඒත් ඔයා තවම යෞවනියක්. තව වසර දහයක ඉදිරියක් ගැන හිතුවොත් එදාට මම තවත් මහලු වෙලා. ඒත් එදාටත් ඔයා යෞවනත්වය ඉක්මවල නෑ.
ඔයා එදාට, ඒ මොහොතට මුහුණ දෙන්නේ කොහොමද කියලා මට නිකමට බයක්වත්, ඔයා ගැන බරපතළ විදිහට දුකකුත් දැනෙනවා. මම ඔයාට කරන්නේ අසාධාරණයක්දෝ කියලා මට හිතෙනවා. ඔයාට යෞවනයෙක් එක්ක ජීවිතේ මිහිර විඳගන්න තියෙන කාලය නේද මම මේ අසාධාරණ විදිහට උදුරාගන්නේ කියලා මගේ හිත මට දොස් කියනවා. ඉතින්..."
"මට ඔයා තේරෙනවා පුලස්ති. ඔයාගේ ඔය හැම වචනයක් තුළම, ඒ වචන හැදිලා තියෙන හැම අකුරක් තුළම තියෙන්නෙ ඔයා මට තියෙන ආදරය. ඒක මට හොඳින්ම දැනෙනවා. ඒ ආදරේ තමයි අද මගේ අනාගතය. මගේ ජීවිතය. ඒ ආදරය වෙනුවෙන් තබපු පියවර මම මොනම හේතුවක් නිසාවත් ආපස්සට ගන්නේ නෑ පුලස්ති. ඒ පියවර ගැන සිතිවිල්ලකින්වත් දුක්වෙන්නෙවත්, පසුතැවෙන්නෙවත් නෑ. ඒ නිසා ඔයාගේ ඔය සැකසංකා හැම දෙයක්ම හිතින් අයින් කරගන්න."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.