Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ඇය තවම නිරුවතින්

ඇය තවම නිරුවතින්

About this book

එක් පුද්ගයෙකුගේ ජීවිතයක හටගන්නා එක් සිදුවීමක් යනු ඔහුගේ සමස්ත ජීවිතය තුළම හටගත් අනන්ත සංඛ්‍යාවක් වු සීදුවීම් දාමයක ප්‍රතිඵලයකි. සාමාන්‍ය නීරෝගී දරුවකු ලෙස උපත ලබා, පිටිසර ගමක හැදී වැඩුණු තරුණයෙකු අවසානයෙහි සිංහල වාසගමක් සහ විදේශීය ඌරුවක් ඇති ආරෝපිත නමකින් සංකේතනය වෙමින්, නගරයෙහි ස්ථාපිත වී ස්ත්‍රී දුෂකයකු බවට පත්වීම දක්වා වු සිදුවීම් දාමය වනාහි, එක් පුද්ගලයකුගේ හුදකලා ක්‍රියාවලියක් නොවේ. එය අතිවිශාල සමාජ පරීණාමීය ක්‍රියාවලියක එක් බිහිසුණු ප්‍රතිඵලයකි.

මහනුවර තුම්පනේ උඩ පළාතෙහි උපන් රත්නායක බණ්ඩා ස්ත්‍රී දුෂක ලෙනින් රත්නායක බවට පරිවර්තනය වී, මේ දක්වා ආරක්ෂා වෙමින් පැවතීම මෙන්ම, එකී ප්‍රතිරූපාත්මක ප්‍රචණ්ඩත්වයට කමලාවතී සහ ජයන්තා මැණිකෙලා වැනි පීඩිත ගැමි ගැහැනුන් ඛේදනීය ලෙස ගොදුරුවීම යනුද හුදකලා සංසිද්ධීන් නොවේ. ඒවාද අසංවිධිත සාමාජිය ක්‍රියාවලියක අවාසානාවන්ත ඵලයන් වේ.

මෙම සිදුවීම් දාමය තුළින් යළි සමාජීය කතිකාවක් ගොඩනැගීමේදී පුළුල්ව විමසා බැලිය යුතු ප්‍රබලතම කාරණාව වන්නේ, ලාංකේය සමාජය තුළ සම්ප්‍රදායකත්වය හා නූතනත්වය යන දෙකෙහිම සාරයන් අවසානයෙහි අවලංගු වන්නේ කුමක් නිසාද යන්නයි. 

ISBN
9789553111432
පිටු ගණන (Pages)
201
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇය තවම නිරුවතින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.