තවම පරණයි කොළඹ
පුරාණයේ මුක්තක මෙන්, ජපානයේ හයිකු මෙන් කෙටි ආකෘතියකින් මෙන්ම දිගු ආකෘතියකින් ද පණ පෙවුණු රසබර, අරුත්බර කවි සමුච්චයක් මේ කුලුදුල් කවි පොතේ ඇතුළත් ය.
කිවිදිය ජීවන්ති රත්නසේකර නම් වන්නීය. ඕ කැලණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මානව සම්පත් අධ්‍යයන අංශයේ ආචාර්යවරියකි.
සාමානයෙන් මුල් ම කවි පොතකට ඇතුළත් නොවන නැවුම් තේමා රැසකින් ප්‍රතිභා සම්පන්න පරිකල්පනයකින් යුතු ව මේ කවි ගෙත්තම් සැරසී සිටී, ඇයට සඳැස් ද නිසඳැස් ද නිදහස් ද යනු විසින් වගේ වගක් නැත. ඇයට අපේ චිත්තාවලින්, භාවාවේග ස්පර්ශ කිරීමේ කුසලතාව පළට කරන ශක්තිය ඇති බව ස්ඵුට වෙයි. තව කවි ලියන්නැයි ඇයට ආසිරි පතමින් ඇරයුම් කරමු.
ප්‍රනීත් අභයසුන්දර
මනුෂ්‍ය පැවැත්මේ ඇතැම් සියුම් තැන් අනුවේදනීය ලෙස ස්පර්ශ කරන්නට ඇය සමත් වෙයි. එසේ කරන විට ඇය අර වහා ඇස් අද්දන බුහුටි කියමන නම් මාදිලිය අත්හරියි. "සුවඳ පමණක් ඒවා ඔබ තුටින් යැයි පවසයි මටත් ඉන්නවා දැන් දුවක්" "ඒ ළමයි වැටුණේත් අම්මලාගේ ඇකයෙන් යනාදී කවි වලින් ඒ බව පෙනේ.
ස්ත්‍රී ජීවිතයෙහි විවිධ පැතිමාන ඇය කවියට හසු කරගන්නේ අලුත් ඇසක් විවර කරවන අන්දමිනි. ඇය ම එක කවියක කියන පරිදි කවිකාරියක ලෙස ඇගේ කාර්යය ජීවිතය ඇල්ලීම ය. ඇයට එය ඉතා සියුම් ලෙස හසු වන තැන් බොහෝ මේ පොතෙහි ඇත.
ලියනගේ අමරකීර්ති
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.