Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආයුබෝවන්

ආයුබෝවන්

About this book
යුද්ධයත් සමඟ ජීවත් වුණු පවුලක ජීවන වෘත්තාන්තය දෙතැනක සිටින හනා හා අට්කා නම් සොහොයුරියන් දෙදෙනා විසින් විස්තර කරන්නේ ලොමු ඩැහැගන්වන සිද්ධීන් එකට එකතු කරමිනි. 1992 මාර්තුවල ඇරඹෙන බොස්නියානු යුද්ධය අවසන් වන්නේ 1995 නොවැම්බර් වලදීය. සරජීවෝ වල 10000 කට වැඩි සංඛ්‍යාවක් මියගිය අතර මුළු බොස්නියාවේ ලක්ෂ 1.8 පමණ මියගිය බව සදහන් වේ. යුද්ධයට මැදිවී අනේකවිධ ප්‍රහාරයන්ට මැදිවෙමින් ජීවත් වන මේ දැරියන්ගේ‍ ආත්ම ශක්තිය මෙන්ම පරමාදර්ශී ජීවිතය ලෝකයටම ආදර්ශයකි. ඒ සමගම යුද පුවත්පත් ඡායාරූප ශිල්පියකු වශයෙන් සේවය කරන සුදු ඡාතික තරුණියකු සමග භාෂා පරිවර්තිකාවක මෙන් සේවය කරන අට්කා නම් වැඩිමහළු සොහොයුරිය ඔහුගේ පෙම්වතිය බවට පත්වීමෙන් පසු ඇය පමණක් නොව ඇගේ මුළු පවුලම යුද බිමෙන් ගලවාගෙන තම රටට ගෙනයෑම සඳහා ඔහු දරන වෑයම වීදේශිකයෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තරම් ශ්‍රේෂ්ඨ කාර්යයකි. අට්කාගේ හා හනාගේ කතා ප්‍රවෘත්තිය මෙසේ අද ඔබ අතට පත්වන්නේ පරිවර්තන රාශියක් ඔබ අතට පත් කළ අනුල ද සිල්වාගේ සරල සුගම භාෂා රීතියත් සමගය..
ISBN
9789556910322
පිටු ගණන (Pages)
274
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආයුබෝවන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.