බැද්දෙගෙදර

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
baddegedara-jayasena-jayakodi-dayawansha
පිටිසර ගමක, හද්ද පිටිසරයින් මෙන් ජීවත් වු ටිකෝනිස් හා යහෝනිස්, සා මුවන් සේ වු අහිංසකයෝ ය.හැට්ටය කරේ දාගෙන ජාතක කතා සිහිපත් කරමින් ද වැඳ පුදාගත් බෞද්ධ සිද්ධස්ථාන මෙනෙහෙයි කරමින් ද , පන් වියන මැයිහාමි ඔවුන්ගේ අම්මාය.ඔවුන්ගේ ලෝකය කුඩා ය.එය හූ හඩක් දිවෙන දුරකට වඩා විශාල නැත.ඉන් එහා ලෝකයේ මොන මොනවා සිදු වේ දැයි දැන ගන්න ඔවුන්ට වුවමනාවක් නොතිබිණි.මැයිහාමිගේ එකම අදිටන හා බලාපොරොත්තුව වුයේ කල වයස පිරුණු ඉලංදාරින් දෙදෙනාට එක ගැහැනියක ගෙනත් දීම ය.

දන්නා දහිරිය දා ඔ ඒ කටයුත්ත ඔවුනට කර දුන්නා ය.ඔවුහු එක ම ගෙයි වසමින් එක ගෙයි කමින් තමන්ගේ කුඩා සුන්දර ලෝකය තව තවත් ඔප මට්ටම් කර ගනිමින් සතුටින් සාමයෙන් කල දවස ගත කරන්නට වන්නෝ ය.මැයිහාමිලා යසවති ලා, ටිකෝනිස් ලා, යහෝනිස් ලා පරිසරයට ඉතා ලැදිව වාසය කළ පරිසරයේ සැබෑ දු පුතුණුවෝ වෙති.

Author ජයසේන ජයකොඩි - Jayasena Jayakodi (35)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789556863314
පිටු ගණන 206
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බැද්දෙගෙදර
Back to Top