Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බලකොටු සහ නෞකා
About this book
බුද්ධ වර්ෂ 2048 ඉල් මාසයේ හෙළ දීපයේ දකුණු දිසාවට හමා එන වියරු කුණාටුවක් අප රට මුළු ඉතිහාසයම වෙනස් කරනා බව සැබවින්ම දැන සිටියේ කීයෙන් කී දෙනාද?. මෙය ක්‍රිස්තු වර්ෂ 1505 බව සිංහයින් හඳුනාගන්නේ එයින් පසුවයි.දකුණුකරයේ වෙරළබද ජීවත් වෙන දස හැවිදිරි හේතුගේ ජීවිතයක්, අනෙක් හැම ජීවිතයක් සේම වෙනස් වෙයි.පෘතුග්‍රීසීන්ට අයත් මාරියා එලේනා නෞකාවේ සේවය කරන දස හැවරිදි ජුවාන්ගේ ජීවිතය වෙනස් වන්නේද එදිනමයි. මේ ජීවිත දෙකට යා වෙන්නේ කෝට්ටේ බෞද්ධ විහාරයක වෙසෙන රාහුල නම් සාමනේර නමක්.මේ චරිත ත්‍රිත්වයේ දෛවයන් ඔවුන් මුණ ගස්වන්නේ අපූර්ව ආකාරයකට. වරින් වල ඔවුන් තිදෙනාගේ සිතුවලි සේම ජීවිතයේ යථාර්තය පිළිබඳ අවබෝධයද වෙනස්වන්නේ මේ මුණ ගැස්වීම් තුළින්... දෙවියන් සහ මනුෂ්‍යත්වය පිළිබඳව ඔවුන් එකිනෙකා දකින්නේ වෙනස්ම ආකාරයකින් 'බලකොටු සහ නෞකා' අලුත්ම මාදිලියේ නවකතාවක්.
ISBN
9789553107046
පිටු ගණන (Pages)
433
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. "මේ තොරතුරු කියවද්දි, ජුවාන්ට සිතුණේ ලෝකයේ කොතැනත් මිනිසුන් එක වගේ නේද කියායි. බල ලෝභය, වස්තු කාමය, දුරාචාරය - ඒ සියල්ල රජවෘන් සේම, දේව ගැතියන් අතරේද විරල නොවන බව ජුවාන්ට වැටහුණි."
    බලකොටු හා නෞකා

    මෙම කෘතිය භද්‍රජි මහින්ද ජයතිලක මහතා විසින් රචනා කරන ලද කෘති අතරින් වෙනස්ම වූ කෘතියක් වන අතර ස්වර්ණ පුස්තක සම්මාන සහ ගොඩගේ සම්මානයන්ට පාත්‍ර වූ කෘතියකි.

    මෙහි අන්තර්ගතය ගත් කල ක්‍රිස්තුවර්ෂ 1505 ත් 1550 අතර කාල පරාසයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ සමාජීය වෙනස්කම් ,ප්රුතුග්රිසින්ගේ ආගමික පුනරුධය ඉතාමත් අපුරුවට ගොනු කර ඇති බව පාඨකයාට හොදින්ම වැටහේන්නා වූ කරුණකි. එලෙසින්ම පෘතුග්‍රීසීන් විසින් කෝට්ටේ රාජධානිය හා ගණුදෙනු කරන ආකාරය, රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ධ වී කටයුතු කරන ආකාරය මෙහිදී අපුරුවට දක්වා ඇත.

    එලෙසම පෘතුග්‍රීසීන් ස්වකිය ආගම ප්‍රචාරය කල ආකාරය සහ ලංකාවේ දේශපාලනයට එබිමක් කර එයට ඇතුල් වීමට ගත උත්සාහය ඉන් පසු ලාංකීය සමාජයේ ඇති වූ දේශපාලන හැලහැප්පීම් ආදිය අතුරින්, ජුවන් එල් කබ්රාල් ආදීන් ලංකාවට විත් හැසිරෙන ආකාරය ඔවුන්ගේ ජිවග්‍රහයට පත්වූ මාලි ඇයට හමුවන දරුවා වන ඇනා ලුසියා ආදීන් තම ජිවන චක්‍රය ගැටගහ ගන්නා ආකාරය චිත්‍ර රුප මැවෙන ආකාරයෙන් කතාවට නංවා ඇති ආකාරය ඉතාමත් විශ්මයජනකය. කතුවරයා විසින් ඒ යුගය පිලිබඳ මැනවින් හදාරා ඇති බව මෙම කරුණු මගින් පාඨකයාට හොදින්ම තේරුම් යන කරුණකි.

    ප්‍රේමය ගෘන්ගාරය, ත්‍රාසය එක්තැන්වූ අපුරුම කෘතියක් ලෙස බලකොටු සහ නෞකා කෘතිය හැඳින්විය හැකිය

    "මේ තොරතුරු කියවද්දි, ජුවාන්ට සිතුණේ ලෝකයේ කොතැනත් මිනිසුන් එක වගේ නේද කියායි. බල ලෝභය, වස්තු කාමය, දුරාචාරය - ඒ සියල්ල රජවෘන් සේම, දේව ගැතියන් අතරේද විරල නොවන බව ජුවාන්ට වැටහුණි." ( 425 පිටුව )

    හේතු , මාලි වැනි දුප්පත් මිනිසුන්ගේ ජිවිත ආදරය බලය ට මැදි වී දුක් කම්කටොලු හැලහැප්පීම් මැද ගලා යති.මෙහිදී තමන්ට අවැසි දේ ලබා ගැනීමට මිනිසුන් ඕනෑම දෙයක් කරයි .එය බලයද, දේශපාලනයද , ප්‍රේමයද රාගයද කියා බෙදීමක් නොමැත.මේ කරුණු වලට ඉලක්ක වෙමින් තමන්ගේ ජිවිතයම මොවුන් අනිකුන් වෙනුවෙන් බිල්ලට දෙයි

    මෙහිදී ලාංකීය ඉතිහාසයේ සිදුවූ සංසිදුවිම් අපුරුවට රචකයා විසින් උපයුක්ත කර ගෙන ඇත.හත්වෙනි විජයභාහු රජු ගේ රාජ කුටාපප්ත්‍රීය ධර්මපාල රජුගේ පිළිරුව ගෝවට ගෙනගොස් බෞතිස්ම කිරීම මෙහිදී කෘතියට අන්තර්ගත කර ඇත.

    ලාංකීය ඉතිහාසය සහ සාහිත්‍ය පිලිබඳ ගවේෂණය කරන්නන්නට මෙය ඉතාමත් වැදගත් කෘතියක් වන අතර, ලාංකීය සංස්කෘතිය හා පෘතුග්‍රීසි සංස්කෘතිය, දේශපාලනය ආර්ථිකය අතර ඇතිවන ගට්ඨානයන් ඉතාමත් අපුරුවට විදහා පාන අතර පෘතුග්රිසියෙන් ලාංකීය හෙළ භාෂාවට එක්වූ වචන රැසක් මෙම කෘතිය මගින් අධ්‍යයනයට ලක් කල හැකිය.
    Nilakshi රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: බලකොටු සහ නෞකා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.