Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / බෞද්ධ හා බටහිර මනෝ චිකිත්සාව

බෞද්ධ හා බටහිර මනෝ චිකිත්සාව

About this book

ත්‍රිපිටකය මූලාශ්‍ර කරගනිමින් බෞද්ධ මනෝ චිකිත්සාව පිළිබඳව සහ බටහිර න්‍යායයන් උපයෝගී කරගනිමින් බටහිර මනෝ චිකිත්සාව පිළිබඳව ද පුළුල් වශයෙන් සාකච්ඡා කොට ඇති මෙම කෘතිය නූතන උපදේශන විෂය ක්ෂේත්‍රයට කළ මහගු සේවයක්සේ අගය කළ හැකි ය. නවීන බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරුවෙකු ලෙස මානසික ආතතීන් හා ප්‍රශ්නවලට විසඳුම්, සම්පූර්ණයෙන් එම ක්‍රමය තුළින් නොලැබෙන බැව් මාගේ හැඟීම යි. බෞද්ධ දර්ශනය මගින් අප රටේ, අප සංස්කෘතියට උරුමකම් කියන අපගේ ජනතාවට තම මානසික ආතතීන්ගෙන් මිදීමට මඟ පෙන්වන කෘතියක් කිරීම වෙනුවෙන් ගත්කතුවරයන් වහන්සේට අපගේ පැසසුම් හිමි විය යුතු ය. මෙය විශේෂයෙන් උපදේශන විෂය ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන ගුරු සිසු සැම ගේ මන දොළ සපුරනු ඇත. 

කැලණිය විශ්විද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ගෞරව සාමාර්ථ සහිත ව සහ ශාස්ත්‍රපති උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් විශිෂ්ඨ සම්මාන සහිත ව සමත් මෙහි කතුවරයා එම විශ්වවිද්‍යාලයෙන් ම බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශනපති උපාධිය ද, බෞද්ධ හා බටහිර මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද අවසන් කොට දැනට රුහුණ විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයෙහි සේවය කරයි. 

කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හදාරා දැනට රුහුණ විශ්ව විද්‍යාලය, කැළණි විශ්ව විද්‍යාලය සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙහි මනෝ විද්‍යාව සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි, උපාධි, සහ ඩිප්ලෝමා පාඨමාලාවන්හි කථිකාචාර්යවරයෙකු වශයෙන් ද සේවය කරන පූජ්‍ය කොග්ගල්ලේ විජිත හිමියන් විසින් රචිත මෙම කෘතිය උන් වහන්සේගේ ශාස්ත්‍රීය මගෙහි තවත් එක් විශිෂ්ඨ සලකුණක් පිළිබිඹු කරන්නකැ'යි කිව හැකිය. 

උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් 

රුහුණ විශ්වවිද්‍යාලය, මාතර.

Details
ISBN
9789556560572
පිටු ගණන (Pages)
268
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: බෞද්ධ හා බටහිර මනෝ චිකිත්සාව

Reviews are published once a member of our team has read them.