My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
දඹේගොඩ ජිනදාස දශක පහකට වැඩි කලක් තිස්සේ කවි ලියන කවියෙකි. මෙතෙක් ඔහුගේ කාව්‍ය නිර්මාණ පළ වූයේ පුවත්පත් සහ සඟරාවල ය. මීට පෙර කුඩා කවි පුස්තිකා කිහිපයක් පළ කළත්, ඔහුගේ කාව්‍ය සංග්‍රහයක් පොතක් ලෙස එළි දකින ප්‍රථම අවස්ථාව මෙයයි. බැබිල මල නමින් මේ අයුරින් විකසිත වන්නේ එම අසිරිමත් කාව්‍ය සංග්‍රහයයි.
සෙල් පව් පළාත ගිනි අව්වක උපත ලද
ඇල් වී කෙතක මද්දහනත පෙනුණු සද
අසරණයෙකුගේ පීඩනයෙන් තැවෙන හද
මුතු ඇටයක්ය ඔබ දිදුළන නළල මැද
දඹේගොඩ ජිනදාස ඌව වෙල්ලස්සේ ගිනි ගෙන දැවෙන මහ පොළොව මත ජීවත් වෙන සංවේදී කවියෙකි. කෙටිකතා රචකයෙකි. පුවත්පත් කලාවේදියෙකි. එම ප්‍රදේශයේ පීඩිත ගොවි ජනතාව සමඟ දහදිය හෙළන මිනිසෙකි. එබැවින් ඌව වෙල්ලස්සේ වාසය කරන ගොවි ජනයාගේ දහදිය සේ ම කඳුළු ද මේ කාව්‍ය නිර්මාණ බොහොමයක අන්තර්ගත වී ඇත.
සුදත් ගාමිණී බණ්ඩාර
Author | දඹේගොඩ ජිනදාස - Dambegoda Jinadasa (1) |
---|---|
Publisher | සන්ථව ප්‍රකාශන Santhawa Prakashana (101) |
ISBN | 9786245594283 |
---|---|
පිටු ගණන | 83 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |