Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / බැබිල මල

බැබිල මල

ප්‍රකාශක (Publisher): සන්ථව ප්‍රකාශන Santhawa Prakashana
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

දඹේගොඩ ජිනදාස දශක පහකට වැඩි කලක් තිස්සේ කවි ලියන කවියෙකි. මෙතෙක් ඔහුගේ කාව්‍ය නිර්මාණ පළ වූයේ පුවත්පත් සහ සඟරාවල ය. මීට පෙර කුඩා කවි පුස්තිකා කිහිපයක් පළ කළත්, ඔහුගේ කාව්‍ය සංග්‍රහයක් පොතක් ලෙස එළි දකින ප්‍රථම අවස්ථාව මෙයයි. බැබිල මල නමින් මේ අයුරින් විකසිත වන්නේ එම අසිරිමත් කාව්‍ය සංග්‍රහයයි.

 

සෙල් පව් පළාත ගිනි අව්වක උපත ලද

ඇල් වී කෙතක මද්දහනත පෙනුණු සද

අසරණයෙකුගේ පීඩනයෙන් තැවෙන හද

මුතු ඇටයක්ය ඔබ දිදුළන නළල මැද

 

දඹේගොඩ ජිනදාස ඌව වෙල්ලස්සේ ගිනි ගෙන දැවෙන මහ පොළොව මත ජීවත් වෙන සංවේදී කවියෙකි. කෙටිකතා රචකයෙකි. පුවත්පත් කලාවේදියෙකි. එම ප්‍රදේශයේ පීඩිත ගොවි ජනතාව සමඟ දහදිය හෙළන මිනිසෙකි. එබැවින් ඌව වෙල්ලස්සේ වාසය කරන ගොවි ජනයාගේ දහදිය සේ ම කඳුළු ද මේ කාව්‍ය නිර්මාණ බොහොමයක අන්තර්ගත වී ඇත.

සුදත් ගාමිණී බණ්ඩාර

ISBN
9786245594283
පිටු ගණන (Pages)
83
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බැබිල මල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.