බෙරගල පල්ලම
එකම මව් කුසින් බිහිවූ සහෝදර සහෝදරියන් ඇතැම් අවස්ථාවලදී සිත් අමනාපකම් ඇති වුව ද, සහෝදර බැඳීම, සහෝදර භක්තිය සහ උදාර වූ සහෝදරත්වය කෙදිනක හෝ ඉස්මතු වේ. නිවුන් සහෝදර සහෝදරියන් ශරීරයෙන්,වර්ණයෙන් හා හැඩරුවින් එක සමාන වුවත් නව යොවුන් වියට පා තැබීමේ දී ඔවුනොවුන්ගේ අදහස් බොහෝ දුරට වෙනස් වේ.
''බෙරගල පල්ලම” ද එවැනි නිවුන් සහෝදරයන් දෙදෙනෙකු හා එක් යුවතියක් වටා ගෙතී යන කථාවකි. මෙයින් එක් සහෝදරයෙක් උසස් අධ්‍යාපනය ලබා සමාජයේ උසස් රැකියාවක නියුතු වී සිටියද, අනෙක් සහෝදරයා රටේ නම ගිය අපරාධකරුවෙකු විය. උසස් අධ්‍යාපනය ලැබූ සහෝදරයාගේ ජීවිතය එක් වකවානුවකදී බේරා ගත්තේ අපරාධකරුගේ ශක්තියෙන් හා සෙනෙහසින් ගොඩ නඟා ගත් සිය සහෝදර බැදීම හා සහෝදර භක්තිය නිසා ද? නොඑසේනම් පෙර භවයේ සිට රැගෙන ආ නිවුන් සහෝදර බැදීම හා මිතුදම නිසාද?
අපරාධ බහුල වශයෙන් සිදුවන මෙවන් සමාජයක ආදරය, සෙනෙහස, දයාව හා සහෝදර භක්තිය හොඳින් හදුණන අපරාධකරුවෙකු හා උසස් අධ්‍යාපනය ලැබූ තම නිවුන් සහෝදරයාගේත් ජීවිත දෙකටම මැදි වූ ගැහැනියක්..................
ආදරය, සෙනෙහස, කුතුහලය, භීතිය හා විශ්මිත බව විදහා දක්වන “බෙරගල පල්ලම” යුගයේ කාලීන නවකථාවකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.