''සර්, මේ කේස් එකේ කටයුතු එතකොට අදින් ඉවරද?”
''බොහෝ දුරට ඉවරයි. ගිය සතියේ මම කැලුම්ටයි පාලිතටයි වැඩක් බාර දුන්නා. ඒක කළාද?"
''ඔව් සර්. හිරේ ඉන්න සුපුන්ගෙන් තව තොරතුරු අරගෙන එන්න කිව්ව එකනේ.”
''ඔව්. එදා කන්දේ ඇල බෝට්ටු සංචාරයට ගිය කළු මල්ලිගේ මිනිස්සු එහා ගං ඉවුරට ගිහින් මොනවද කළේ කියන එක. ඒ තොරතුරු කැළුම් අරගෙන ආවද?”
''ඔව් සර්. අපි ඒ ගැන සුපුන්ගෙන් ඇහුවා. අර බෑග් හතරක් අරගෙන ගියා කිව්වේ සර්, ඒ බෑග් හතරෙන් තුනක තිබුණේ එයාලගේ බඩු. ඒ බෑග් තුන තමයි විමලදාස අයියට පෙන්නුවේ. අනිත් බෑග් එකේ තිබිලා තියෙන්නේ සර් කනත්තෙන් ගොඩගත්ත, මැරීච්ච මිනිහෙක්ගේ හිස් කබලක්. ඒක අරගෙන ගිහින් එහා ගං ඉවුරේ වළක් කපලා වළ දාලා.”
"ඇත්තටම එහෙම කරන්න උන්ට පිස්සුද ?”
''එහෙම කරලා තියෙන්නෙ සර්, මේ මර්ඩර් එක........
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.