බෙරගල පාමුල
අසාමාන්‍ය ලෙස මුව විවර කළ නාගයා කිසිවක් වමෑරුවේය. දෑස් නිලංකාරව යන තරමේ නීල වර්ණ දීප්තියකින් යුත් වූ එය නාග මාණික්‍යය බව ජෛත්‍රී වටහා ගත්තාය. මනු ලොවින් දෙව් ලොවටත්, දෙව් ලොවින් බඹ ලොවටත් ඒ දීප්තිය විහිද යන්නට ඇතැයි ද, පොළව පළාගෙන නා ලෝකයටත් ඒ දීප්තිය විහිද යන්න ඇතැයි ද සියල්ලෝම සිතූහ.
කිසිඳු කලබලයක් නොමැති නාගයා කිරි භාජනයට මුව තබා බිඳෙන් බිඳ පානය කරමින් උන්නේය. නාගයා ක්ෂීර රසයට වහ වැටෙන තත්පරය තෙක් ඉවසා උන් බ්‍රින්දාරාම් වහා ක්‍රියාත්මක වූයේය.
කළුවන් රෙදි කඩකින් නාග මාණික්‍යය වැසී යද්දී හාත්පස ඒකාලෝක කළ ආලෝකය සැණෙකින් අතුරුදන් විය. ඇස්පිය සලන ක්ෂණයකටත් වඩා අඩු කාලයක් තුළදී ගත වූ ඊළඟ තත්පරය තුළ බ්‍රින්දාරාම් නාග මාණික්‍යය තමා සතු කර ගත්තේය.
සිදු වූ කිසිවක් වටහා ගත නොහැකි අසරණ සත්වයා වහා වටපිට බැලුවේය. ආලෝකය අතුරුදන් ව ඇත. ආලෝකය විහිද වූ සිය ප්‍රාණය හා සමාන, හදවත හා සමාන, හුස්ම හා සමාන මාණික්‍යය ද අතුරුදන් ව ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.