Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දෙබිඩි
About this book

අසිහියෙන් වාගේ තමා නැවතත් කඩදාසිය මත අඩක් සුදු සහ අඬක් කළු හදවතක් චිත්‍රයට නඟා තිබේ. පුපුරන්නට තරම් රිදුම්දෙන හිස දෝතින් අල්ලාගත් ගඟුල් දෑස වසාගත්තේය. හැමදාමත් වාගේ අගක් මුලක් හිතාගත නොහැකි සිදුවීම් දාමයක් ඔහුගේ මනසේ මැවිණ.

ගල්තලාවක් මත දෑත දෙපය බැඳ දමා උන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් තරුණයෙකි. මල් ගවුමක් හැඳ දිගුකොණ්ඩය බිම විසුරුවාගෙන ඉන්නා අනෙක් රුව තරුණියකි. ඒ අසල කතාබහේ යෙදෙමින් හිටගෙන ඉන්නා පිරිමි රූප කීපයකි.

"උඹල වැඩේ තිතට කරන්ඩෝන. මේ වැඩේනම් වරද්දගන්න එපා. අපේ පරම්පරාවටම එල්ලුම් ගස් යන්න වෙනවා....'

ඉන් එක් පිරිමියෙක් අනෙක් උන්ට උපදෙස් දුන්නේය. ඒත් සමඟම ඒ සිදුවීම මැකී ගොස් තවත් සිදුවීමක් මතුව ආවේය. ඒ ගැහැණු රුවකි. ක්‍රමයෙන් විශාලව ගිය එකී රුව ගඟුල් දෙසට දෝත විහිදුවමින් විලාප දෙන්නට පටන් ගත්තේය.

"මට වෙච්ච අසාධාරණේට මට පලිගන්න ඕනේ..මට යුක්තිය ඕනේ." හඬමින්, ගඟුල්ගේ ගෙල මිරිකන්නට උත්සාහ කරමින්, අර රූපය කෑගෑවේය. ගඟුල් දෙනෙත් ඇරියේ බියෙන් වෙව්ලමිනි. වරින්වර තමාට පෙනෙන මේ සිදුවීම් මොනවාද?. මේ කිසිවක් තමාගේ ජීවිතයට සම්බන්ධ ඒවා නොවන බව ඔහුට විශ්වාසය. මේ අද්භූත සිදුවීම් සියල්ල ආරම්භ වූයේ ඒ අවාසනාවන්ත රිය අනතුරෙන් පසුව බව ඔහුට මතකය.

ISBN
9786246103071
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෙබිඩි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.