භාවනාවෙන් සැනසීම
ඇලෙක් රොබට්සන් සිරිමතාණන් මාහට මුලින්ම දැන හැඳින ගැනීමට ලැබුණේ, 1971 වසරේ ඇසළ පුන්පෝය දිනයේ, මහරගම විශේෂ ගුරු විදුහලේ මහා සීල භාවනා වැඩසටහනේදීය. එදින එහි ආරාධිත විශේෂ දේශකයන් වූ පූජ්‍යපාද මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, පූජ්‍යපාද අම්පිටියේ රාහුල මාහිමි, මහාචාර්ය ජී. පී. මලලසේකර, ආචාර්ය වෙත්තමුනි, අභිධම්මික ඩී. ඇම්. බුද්ධදාස, බ්‍රහ්මචාරී ධර්මසේන ආරියතිලක, අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්. එෆ්. ද සිල්වා, කථිකාචාර්ය අශෝක දේවේන්‍ද්‍ර යන ගිහි පැවිදි විද්වතුන් අතර ඇලෙක්ස් රොබට්සන් මහතා ද විය. එතැන් සිට වර්ෂයක් පාසා ඇසළ සීලසමාදානයේදී මහරගම ගුරු විද්‍යාලයේදීත්, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදීත් අප දෙදෙන එකට හමුවී ඇත.
ඇලෙක් රොබට්සන් මැතිතුමන් පසුගිය දශක තුනෙහි අප රටේ බෙහෙවින් ජනාදරයට පත් වූ ප්‍රබුද්ධ ධර්ම දේශකයෙකි. ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් චතුර ලෙස ධර්මකතා, ධර්ම සාකච්ඡා, සම්මන්ත්‍රණ, ගුවන්විදුලි වැඩසටහන් මෙහෙයවමින්, පොත්පත් සඟරා හා ප්‍රවෘත්තිපත්‍ර වලට ශාස්ත්‍රීය ලිපි සපයමින්, කාලීන ධර්ම ග්‍රන්ථ සම්පාදනය කරමින් එතුමා සුවිශේෂ ශාසනික මෙහෙවරක් ඉටුකර ඇත. රාජ්‍ය සම්මානලාභී එතුමා විසින් සමථ භාවනා විෂය ක්‍ෂේත්‍රයට ඇතුළත්, දස අනුස්සති හා සතර බ්‍රහ්ම විහරණ භාවනා ක්‍රම අළලා රචිත, භාවනාවෙන් සැනසීම” නමැති ශාස්ත්‍රීය කුඩා ග්‍රන්ථය නැවත මුද්‍රණය කොට ප්‍රසිද්ධියට පත් කිරීම ගැන ධර්මධර ජයසුමනා රොබට්සන් මැතිණියටත්, සෙනෙහෙබර දූදරුවන් පස්දෙනාටත්, ප්‍රකාශක දයාවංශ ජයකොඩි සිරිමතාණන්ටත් දිගාසිරි පතමු. අපගේ ඇලෙක්ස් රොබට්සන් සහෘදයාණන්ට පරම සැනසීම සැලසේවා !
හාරිස්පත්තුවේ අරිවංශාලංකාර හිමි
ශ්‍රී ලංකා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති
ශ්‍රී ලංකා අමද්‍යප සභාවේ සභාපති.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.