භින්නෝන්මාදියාගේ රොමෑන්ටික් රාත්‍රිය
ප්‍රභාත්ගේ මේ කවි එකතුව කියවූ මම
"කවිය යනු වඩාත් යහපත් ජීවිතයක් උදෙසා
කවියා විසින් ගසනු ලබන පෞද්ගලික කැරැල්ලකි"
යන ප්‍රවාදය සත්‍යයක් යැයි පසක් කළෙමි.
මනාව සුසර කරන ලද සියුම් වීණා තන්ත්‍රියක් මෙන්
සංවේදී හෘදයකින් ආවේශය ලබන ප්‍රභාත්ගේ කවිය,
එහෙයින්ම තියුණු ඊයක් මෙන්
අපගේ හෘදය සාක්ෂ්‍යය විනිවිදියි.
සමාජ ජීවිතය පිළිබඳ
වෙනස් විදර්ශනාවක් වෙත අප පමුණුවයි.
තමා යෝජනා කළ පරමාදර්ශීය මනුෂ්‍ය සමාජය වූ "ජනරජයට"
සංවේදනා සමඟ වැඩ කරන කවියා
පළිබෝධයක් වේ යැයි සිතූ ග්‍රීක මහා දාර්ශනික ප්ලේටෝ,
කවියා ජනරජයෙන් පිටුවහල් කරන්නට
නිර්දේශ කළේය.
එහෙත් ලෝකය වඩාත් යහපත් තැනක් කරන මෙන්
අපගේ භාව ලෝකය අණවන ප්‍රභාත්ගේ කවිය කියැවුවහොත්,
ප්ලේටෝ නැවත කවියා 'ජනරජය' වෙත කැඳවනු නො අනුමානය.
- සුනන්ද කරුණාරත්න
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.