බිහිසුණු වන මැද
බිහිසුණු ගෙරවුම් හඬක් සමඟින් ඝනව වැඩුණු පඳුරට ඉහළින් ක්ලෙවර් වෙත කඩා පැන්නේ දැවැන්ත ව්‍යාඝ්‍ර යෙකි..... මරණ බිය ඔහුගේ මුහුණෙන් පිළිඹිබු වනු ප්‍රථමවරට මාගේ නෙත් ඉදිරියේ දෘශ්‍යමාන විය.
"අවදානම්! බොහොම අවදානම්! ඒ දිය පාරට යන්න වෙන්නෙ ම්ලේච්ඡ කුකුමා ගෝත්‍රිකයන්ගෙ ගම්මානයක් අසලින්. ඒක මඟහැරලා එතනට ළඟා වෙන්න පුළුවන් ක්‍රමයක් මම දන්නෑ!....."
රන්පත්වලින් බිත්ති සරසන ලද, නෙත් අමන්දානන්දයට පත් කරවනු ලබන දීප්තියක් විහිදූ කුටියක් තුළින් ඉවතට පිවිසියේ රාජ කුමාරිකාවෝ දෙදෙනෙකි. දීප්තිමත් කළුපැහැ දිගු කේශකලාපයන් නිසා කිරිගරුඬ පැහැගත් සිසිවන් වුවන් වඩාත් ශෝභා සම්පන්න වී තිබුණි.....
"කුමාරිකාවෝ! මොන කුමාරිකාවොද?"
ඇමේසන් නදිය ඔස්සේඝන වනාන්තරය වෙත පිවිසෙන ගවේෂක කණ්ඩායමක් වටා ගෙතුණු ත්‍රාසජනක කථාපුවතකි, බිහිසුණු වන මැද. දරුණු වන සිව්පාවුන්ගෙන් ගහන ඇමේසන් වනාන්තරය වෙත පිවිසෙන ඔවුහු විවිධාකාර වූ අන්තරායන්ට මුහුණ දෙමින් තම අරමුණ ඉෂ්ඨ කරගැනීමට වෙර දරති.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.