බිලීගේ දිවිසැරිය
ලෝක යුද්ධ දෙකක් කියන්නේ ජීවිත මිලියන ගානක් බිලි ගත්ත රාක්‍ෂසයෙකි. පළමු ලෝක යුද්ධය අවසන්ව වසර විස්සක් ගතව යද්දී, දෙවන ලෝක යුද්ධය ආරම්භ වූයෙන් පළමු ලෝක යුද්ධයේදී තම සැමියා අහිමි වූ කාන්තාවන්ට දෙවන ලෝක යුද්ධයට තම දරුවනුත් යවන්නට සිදුවිය. මෙසේ බිරියන්ගේ, මව්වරුන්ගේ ලෝකය සුනු විසුනුව යද්දී දිවි ගලවාගත් හමුදා භටයන්ටද පෙර මෙන් ම ජීවත් වීමට හැකියාවක් කොහෙන්ම ලැබුණේ නැත. ඔවුහු ශාරීරිකව හෝ මානසිකව හෝ, ඒ දෙයාකාරයේම ආබාධිතයින් බවට හෝ පත්වූහ.
බිලීගේ සිහිනය, ඔහුගේ මවගේ, පියාගේ මෙන්ම සුළු පියාගේ පමණක් නොව අසල්වාසියද, චෙල්සි කණ්ඩායම මෙන්ම, මුළු එංගලන්තයටම තරුවක් වූ බිලීගේ, සිහිනය බොඳ වූයේ තමන් හට කොහෙත්ම සම්බන්ධයක් නොතිබූ යුද්ධයකට යාමට ඔහුට සිදුවීම නිසායි. අහිමිවූවන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමේ බිලීගේ අරමුණ ඉටුකර ගැනීමට ගොස් ඔහුට අහිමි වූ පාපන්දු ලෝකය ඔහුගෙන් පසුව උරුම වන්නේ කා හටද? ඔහුගේ ආභාෂය ලබා සුපිරි පාපන්දු තරුවක් බවට පත්වන්නේ කව්රුන්ද? එන්න, අපි බිලීගේ දිවිසැරියට එබී බලමු.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.