බෝ පෙම්බර බෝගම්බර
රිචඩ් ඩව්කින්ස් නමැති ජීව විද්‍යාඥයා 1976දී ”ආත්මාර්ථකාමී ජානය” යන අරුතින් රචනා කළ ''The selfish gene' නමැති පොතට අනුව සත්ත්වයා කියන්නෙ නිර්මිත තැනුම් ඒකකය වුණු ජානයේ ගති සොබාව අනුව, ආත්මාර්ථකාමී වූවකුට.
ඒත් ඒ ජානයේ සන්තතික ගති සොබාව නූතන මිනිසාට ආරෝපණය වෙන්නෙ තරමක් වෙනස් විලාසයකට. එකිනෙකා අතර තරගයට පොලඹවන මේ චේෂ්ටාව වෙනුවට අනෙකා කෙරෙහි දයාර්ද්‍ර වන්නට මිනිස් මොළයේ භාව කලාපය හැඩ ගැහෙන්නෙ හරි විස්මිත අයුරකට. කවිය කියන්නෙම එහෙව් භාව විමෝචනයක්.
චමින්ද ලියනගේ තුරුණු කවියාගේ කාව්‍යාගාරයට ගෙවදින අපට පෙනෙන්නේ පෙර අප සඳහන් කළ භාව විරේකයකට පත්‍ය වන භාෂාමය කසාය වට්ටෝරුව නිසි ලෙස හිඳගන්නට ඔහු ගන්නා වෙහෙසකර වෑයමයි. 'එය නම් සාර රස කවියකැ'යි කිව හැකි තරමේ සන්තාන රිදුම් අවුළවන භාෂා හරඹයක් කරනු බැලීම රසික අපගේ පරම බලාපොරොත්තුවයි.
එය, තම භාවයන් සංයමයෙනුත්, සංවරවත් හසුරුවන කවියකුට ඒ සා අභියෝගයක්ද නොවේ.
ආදරය හා අනුරාගය මතු නොව දුක, සතුට, තරහව, වෛරය, කරුණාව ආදි භාවයන් රමණීය ලෙස මුදා හරින්නට නම් ඔහු තව දුරටත් කාව්‍යාලංකාර වෙද රහස් මෙන්ම කවි බිමෙන් එපිට ව්‍යවහාරික ලෝකය ගැනද හැදෑරිය යුතු බැව් අපේ විශ්වාසයයි.
කවියේ වර්තමානයත්, එහි අවපස ගැනම පමණක් ගතු කියන හා දොස් දකින කවර අයකුට වුවද චමින්දගේ කවි බිමට ඇතුළු වීමෙන් තරමක් හෝ සාධනීය අදහසකට පැමිණීමට අපහසු නොවේ.
ප්‍රේමයේදී මතු නොව සමාජ දේශපාලන කලකෝලහලවලදීත් කම්පිත වන තරමේ හදවතක් වඩවා ගැනීම කවියකුගේ වාසනාවයි.
එකී වාසනා මහිමය අනවරත හැදෑරීම, කියවීම හා ධී ශක්තිය හා සමෝසමයේ මුහු කරගත හොත් චමින්ද ලියනගේ නමැති මේ දුහුනු කවියා ගැන මීට වඩා අභිමානයකින් කතා කරන්නට වන දිනය වැඩි ඈතකද නොවේ.
එදාට කවියාගේ භාව විමෝචනයෙන් අපගේ භාවයන් විරේචනය වන බව අපිට ඉඳුරාම පැහැදිලිය.
'බෝ පෙම්බර බෝගම්බර’ කාව්‍යාවලියෙන් අපට ඇසෙන්නේ අපේ හද මත්තෙහි මහ බරට අඩි තියා ඇවිදින නිර්ව්‍යාජ කවියකුගේ කෝමල පියවර හඬයි.
අසංක රුවන් සාගර
රිර්වේ ආර්යා ළමා රෝහල,
කොළඹ 08.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.