බොහීමියාවේ අපවාදය සහ තවත් කතා - ෂර්ලොක් හෝම්ස් වික්‍රම 02
ශ්‍රීමත් ආතර් කෝනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි. කෙටි කතා ගණන පනස් හයකි. මෙම කෘතියේ එම කෙටිකතා අතරින් පහක සිංහල පරිවර්තන ඇතුළත් වෙයි.
A SCANDAL IN BOHEMIA - බොහීමියාවේ අපවාදය
බොහීමියාවේ රජතුමා පෙම් පලහිලව්වක පැටලී සිටියේ වසර ගණනකට ඉහතදී ය. නමුත් විවාහය ළං වන විට අතීත ප්‍රේමය රජුට ගැටලුවක් වී තිබිණි.
THE ADVENTURE OF THE NAVAL TREATY - නාවික ගිවිසුම
බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යංශයේ තිබී හදිසියේ අතුරුදහන් වූ ගිවිසුමක පිටපතකි. එය රටවල් කිහිපයක ආරක්ෂාවට තර්ජනයක් විය.
THE ADVENTURE OF THE SILVER BLAZE - සිල්වර් බ්ලේස්
නියමිත තරගයේ අනිවාර්යයෙන් ජයගන්නා අශ්වයා “සිල්වර් බ්ලේස්” අතුරුදහන් වූයේ තරගයට දින කිහිපයක් තිබියදී ය. උගේ පුහුණුකරුවාද මරා දමා තිබිණි.
THE ADVENTURE OF THE FINAL PROBLEM - ශ්‍රේෂ්ඨයකුගේ වියෝව
විශිෂ්ට රහස් පරීක්ෂක හෝම්ස් ට කරටකර ගැළපෙන ප්‍රතිවාදියා මුණගැසිණි. එය මහාචාර්ය මොරියාර්ටිගේ හෝ ෂර්ලොක් හෝම්ස්ගේ ඉරණම විසඳන මුණගැසීමක් ද විය.
THE ADVENTURE OF THE EMPTY HOUSE - හිස් නිවෙසේ වික්‍රමය
රොනල්ඩ් අඩේයර් ලන්ඩනයේ විසූ ගෞරවනීය තරුණයෙක් වූයේ ය. ඔහුගේ මරණයේ අබිරහස විසඳන්නට හෝම්ස් නොසිටීම අඩුවක් වූයේ ය.
ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් එම අධිරහස් විසඳු ආකාරයත් මෙම කෘතියෙන් විස්තර වෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.