box සහ තවත් කතා
වසර හය හතකට පෙර ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ පැවති දර්ශනයකදී 'බොක්ස්' කෙටි නාට්යය බැලීමෙන් මා ලැබූ ප්රහර්ශය සහ ආනන්දය මගේ මතකයේ අදත් විචිත්රව තියෙනවා. මට මතකයි නාට්යය අවසන් වුණු මොහොතේ මා ලඟට දිව ආ කෘතහස්ත නාට්ය වේදිනියක්, දැක්කද සුනිල් අර අන්ඩර්වෙයාර් එකේ හිල් ? කියලා වැඩක් නැහැ. මාරයි.. මේ කොල්ලගේ ස්ක්රිප්ට් එකයි අතයි දෙකම, උද්වේගයෙන් එකවර පැවැසුවා. මම ඇය සමග හොඳටම එකඟ වුණා. අපේ තරුණ නාට්ය කරුවන් අතර බුහුටි හා අපූර්ව නිර්මාණ කරුවෙකුගේ ආගමනය සිදුවෙනවා කියා මගේ මනසේ ලකුණු වුණා. වැදගත් කාරණය නම් මේ නාට්යකරුවා උත්ප්රාසී සහනුකම්පනයෙන් යුතුව ලොව දෙස බලන අතර, ඒ බැල්ම උඩ සිට පහළටම විශිෂ්ට මානවවාදී ගුණයෙන් පිරුණු එකක් බව පෙනීමයි.
නොබෝ කලකින් 'ඩයිනෝසර් ප්රේමය' විසින් නැවත වරක් මට අර 'උත්ප්රාසී සහනුකම්පන' බැල්ම මතක් කළා; ඔව්, බලනකොට එහි රචකයාත්, අර චාලක මයි!
ඔහුගේ නාට්ය කෘතීන් පහක් මුද්රණයෙන් පිටවෙන මේ මොහොතේ මමත් සතුටු වන්නන් හා සුබපතන්නන් අතර; මේ නාට්ය සාහිත්ය කෘතිය නිසා බොහෝ අලුත් සහෘදයින් ඔහුට මුණගැසේවායි ප්රාර්ථනා කරන්නට කැමතියි.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.