Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මාරක ළිඳේ සවාරියක්

මාරක ළිඳේ සවාරියක්

About this book

'මාරක ළිඳේ සවාරියක්' මෑත කාලීනව මා දුටු ඉතාම ඉහළ ගණයේ නාට්‍ය නිෂ්පාදනයක්. මූලික වශයෙන් ලංකාවේ වේදිකාවට නුහුරු පාඨාන්තරීය සම්බන්ධතාවයක් මේ නාට්‍යයේ තියනව. එම කෘතිය එම කෘතියෙන් පිටත තිබෙන තවත් දාර්ශනික සමාජ දේශපාලනික කෘතියක් සමග සම්බන්ධතාවක් පවත්වනවා. 'මාරක ළිඳේ සවාරියක්' ලංකාවේ වැඩියෙන්ම අලෙවි වෙලා තියන ගම්පෙරළිය කෘතිය එක්ක පාඨාන්තරීය සම්බන්ධයක් තියන නාට්‍යයක්.

පියල්, ජිනදාස, නන්දා, මේ චරිත කාලාන්තරයකට කලින් හමු වූ චරිත. චාලක විසින් ඔවුන්ව එතැන සිට මේ යුගයට අරගෙන එනවා. ධනේෂ්වර කරණය සිදු වූ යුගය තුළ ජීවත් වූ චරිත අද අපි ජීවත්වන පාරිභෝගික ප්‍රදර්ශනවාදී ධනේෂ්වර ක්‍රමයේ අමු ලිබරල්වාදය නැත්නම් ධනේෂ්වර ක්‍රමයේ විනෝද සයුරේ ගිලිලා ඉන්න යුගයට. මනුෂ්‍යත්වයේ සාරය සම්පූර්ණයෙන්ම අහිමි කර ඇති කාලකණ්ණි යුගයට චාලක නන්දාව ජිනදාසව නැවත ගේනවා.

ජිනදාසගේ මිනිය වැළලුවේ මගේ සල්ලිවලින් කියලා පටන්ගත්තු ඒ සාහිත්‍ය ඉතිහාසය ඇතුළේ ධනේෂ්වරය ගොඩනැගූ පියල්, සිංහලේ ගිහිං කැලෑ උණ හැදිලා මැරිච්ච ජිනදාස, අද කොහොමද අපේ ජීවිත ඇතුළේ ඉන්නේ. ඒ විදිහටම පියල් කෙනෙකුත් ඉන්නේ.

මේ කාලකණ්ණි ප්‍රදර්ශනවාදී ධනවාදයට, නව ලිබරල්වාදයට මනුෂ්‍යත්වයේ සාරය විනාශ කරපු සංස්කෘතියට තියන විරෝධය සාපය මේ නාට්‍ය ඇතුළෙ තියනවා. ඒ සාපය වෙනුවෙන් මම චාලකට හිස නමා ගරු කරනවා, ඒ සාපයත් කුවන්නාගේ සාපය වගේ දිගින් දිගටම නගන්න පුළුවන් කලාකරුවන් අද අපිට අවශ්‍යයි.

කේ. කේ. සමන්කුමාර

ISBN
9786245594566
පිටු ගණන (Pages)
67
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
මාරක ළිඳේ සවාරියක්
This book මාරක ළිඳේ සවාරියක් චාලක රණසුරිය
රු. 540.00 රු. 600.00
box සහ තවත් කතා චාලක රණසුරිය
රු. 280.00 රු. 350.00
සඳුදා වැටෙන්නේ සිකුරාදාට චාලක රණසුරිය
රු. 810.00 රු. 900.00
3 books selected
රු. 1,630.00 රු. 1,850.00
Save රු. 220.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මාරක ළිඳේ සවාරියක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.