බ්‍රැඩී
බ්‍රැඩී මින්ටන්, රහසක් රැකගත හැකි කොලුවෙකු ලෙසින් කිසිවකුගේ විශ්වාසය දිනා සිටියේ නැත. එහෙත් අහම්බයකින්, අදහා ගත නොහැකි තරම් තමාට සමීපව පිහිටා තිබූ, උමං දුම්රිය මාර්ගයක නොහොත්, පලා යන වහලුන්ගේ රහස් ගමන් මාර්ගයක පිහිටි සැඟවුම් තිප්පොළක් සොයා ගන්නට ලැබුණු මොහොතේ පටන් වහල් භාවය සම්බන්ධයෙන් එවක පැවති දැඩි මතභේදාත්මක වාතාවරණය මැද, ඒ පිළිබඳ තනිව තීරණයකට එළඹීමේ වගකීම ඔහු මත පැටවෙයි. එම තීරණය කුමක් වුව ද, ජීවිත කිහිපයක ඉරණම තම උර මත රැඳී ඇති බවත්, මෙය කිසිසේත් ම කිසිවකුට හෙළි නොකළ යුතු රහසක් බවත් ඔහු වටහා ගනී.
විශ්වාසය, ධෛර්යය, සිය පවුල කෙරෙහි ඇති බැඳීම, මිත්‍රත්වය ආදී හැඟීම් සමුදායක් කැටි වුණු, සංවේදී හා ත්‍රාසජනක අත්දැකීම් රැසක් හමුවේ බ්‍රැඩී එම රහස රැක ගැනීමට සමත් වනු ඇති ද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.