Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / බුද්ධත්වයේ භාෂාව, සෙන් හා බෂෝගේ හයිකු ගැන... ඔ්ෂෝ

බුද්ධත්වයේ භාෂාව, සෙන් හා බෂෝගේ හයිකු ගැන... ඔ්ෂෝ

About this book

අත්තල නඟමි මම 

නින්නාදය සමඟ එවිට 

අරුණෝදයේ ඇරඹුම.

ගිම්හාන සඳ.

ටෂෝගේ හයිකුවක්…

 

බෂෝ යනු ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ කවීන් කිහිප දෙනාගෙන් කෙනෙකි, කෙසේ වුවත් ඔහු ලියා ඇත්තේ හයිකු කවි පමණි. ඒවා ඉතාම සංකේතාත්මකය; ඉතා ආශ්චර්යජනකය; සරල ය; ඉතා ගුප්ත ය. සෙන් ධර්මය වචන විශ්වාස නොකරයි; එහෙයින් ඒ සියල්ල දෘෂ්ටිමය ආකාරයෙන් තේරුම් ගත යුතුය.

සිතින් මවා ගන්න.

ගිම්හාන සඳ තවමත් අහසේ එල්ලුන ගමන්මය, ඒ අතර හිරු ද උදාවීමට මාන බලමින් සිටී. මම අත්තල නඟමි, දෝංකාරය තවමත් කඳුකරයේ නින්නාද නංවයි. එය අපුරු වදන් සිතුවමකි. හයිකුවක් තේරුම්ගත යුත්තේ වචනයෙන් මවන සිතුවමක් ලෙසිනි, වචනවලින් යුත් කවියක් පමණක් නොවන - එය දෘශ්‍යමානයකි. ඔබ කඳුවලින් වටවී ඇති බව සිතින් මවා ගන්න. සහ ඔබ...(ඕෂෝ අත්පුඩි ගසයි.)... අත්පොළසන් දෙන්න, කඳුකරය දෝංකාර දෙයි, ගිම්හාන සඳ තවමත් අහසේය, හිමිදිරිය පැමිණ ඇත. ඉක්මනින්ම හිරු උදා වනු ඇත.

මේ හයිකු මනසින් නිර්මිත වූවක් නොවේ. මෙම හයිකුව මනසකින් තොර වූ කැඩපත් පිළිබිඹුවකි. නිහඬ හදවතක ගිම්හාන සඳ, හිරු උදාව ඉතා සමීප වන අතර ඔහු අත්පුඩි ගසයි, සියලු කඳු, ඒ හඬ සමඟ දෝංකාර දෙයි.

බෂෝට අනුව භාවනායෝගියා, තම අභ්‍යන්තරය ගැඹුරින් ගවේෂණය කරයි, එයින් අදහස් වන්නේ ඔහු බාහිර ලෝකය සමඟ සම්බන්ධතා නැති කර ගත් බවක් නොවේ. කලාතුරකින් ඔහු තම ඇස් විවෘත කළ යුතුය. ඔහුගේ පුර්ණ ශුන්‍යත්වය සමඟ ඔහු බාහිර ලෝකය පිළිබිඹු කළ යුතුය. මේ හයිකුවලට එකතු වී ඇත්තේ ඒ ආවර්ජනයන්ය. ඒවා කිසි අදහසක් ඉදිරිපත් නොකරයි. ඒවා නිරූපණය කරන්නේ සිතුවමක් පමණකි.

ISBN
9786245754380
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බුද්ධත්වයේ භාෂාව, සෙන් හා බෂෝගේ හයිකු ගැන... ඔ්ෂෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.