Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / බුදු දහමයි ගැමි දිවියයි 1

බුදු දහමයි ගැමි දිවියයි 1

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

නවකතාකරුවෙකු මෙන්ම කෙටිකතා රචකයෙකු ද වන ගාමිණි කන්දෙපොළ ජනශ්‍රැති පර්යේෂකයෙකු ද ලෙස පුරාණ ගැමි ජන සමාජය විමසමින් කෘති කිහිපයක් ම රචනා කළ අයෙකි. "බුදු දහමයි - ගැමි දිවියයි" කෘතියට පදනම් වන්නේ ද පැරණි කෘෂිකාර්මික ජන සමාජයේ පැවති ආගමානුකූල බැඳීමයි. 'ගමයි පන්සලයි - වැවයි දාගැබයි' සංකල්පය ඔස්සේ යමින් පැරණි ජනයා තම දිවි පෙවෙත බෞද්ධාගමානුකූලව ගත කළේ කෙසේ ද යන්න සරලව විමසීම මෙම කෘතියේ අරමුණ යි.

ගොවිතැන්බත් කටයුතුවල දී ද, ගමන්බිමන්වල දී ද, කතාබහේ දී ද, ජනකථා ජන කවි ගෙතීමේ දී ගැමියාට බුදු දහම තදානුබද්ධ වූ අන්දම මෙහිදී විස්තර වෙයි. පැරණි ජනශ්‍රැතිය මෙන්ම ගැමි සමාජයේ සිරිත් විරිත් පිළිබඳව අධ්‍යයනය කරන්නෙකුට, පාසල් දරු දැරියන්ට සේම බෞද්ධ උපාසක උපාසිකාවන්ට ද මෙම කෘතිය ප්‍රයෝජනවත් වනු ඇත.

ISBN
9789550822638
පිටු ගණන (Pages)
77
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බුදු දහමයි ගැමි දිවියයි 1

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.