Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / පුරාණ වී ගොවිතැන
About this book
පුරාණ වී ගොවිතැන ගාමිණි කන්දේපොළගේ ‘පුරාණ වී ගොවිතැන’ නම් මෙම ග්‍රන්ථය මෙරට පැරණි ගොවීන්ගේ සම්ප්‍රදායික ඥානය, චාරිත්‍ර වාරිත්‍ර, ඇදහිලි සහ විශ්වාස ආදිය පදනම් කොටගෙන සම්පාදනය වූවකි. වී ගොවිතැන පිළිබඳව කතුවරයාගේ දැනුම පමණක් නොව පැරැණි ගොවීන් සමඟ වෙසෙමින් ඔවුන්ගේ සාම්ප්‍රදායාක කෘෂිකාර්මික ජීවන රටාව අත් විඳිමින් සහ ඔවුන්ගේ නිපුණතා ද නිරීක්ෂණයෙන් යුතුව කෘතියට පදනම් කොට ගැනීම මෙම කෘතියේ ඇති විශේෂත්වයයි. මෙයට ප්‍රථම ගාහිණි ඔහුගේ ජනශ්‍රැති පර්යේෂණ කෘති රාශියකට පාදක කර ගත් හිරියාල හත්පත්තුව සහ තදාසන්න ප්‍රදේශය මෙම ග්‍රන්ථයේද පර්යේෂණ භූමිය වී ඇත. ගොවීන් වගා කන්නයට පෙර සූදානම් වීමේ තැන් පටන් අස්වනු නෙළා ගම්බාර දෙවියන්ට පුද පූජා පවත්වමින් බාර හාර ඔප්පු කිරීම දක්වා වී ගොවිතැන සම්බන්ධ බොහෝ කරුණු කාරණා ගාමිණිගේ ‘පුරාණ වී ගොවිතැත’ කෘතියෙහි විස්තර වෙයි. විශේෂයෙන්ම පැරණි වී ගොවිතැනේදී භාවිත කෙරෙන ඊට ආවේණික භාෂාව මේ කෘතියේදීද සුමටව යොදා තිබීම වැදගත්ය. ගොවි බස, එහි සිරිත් විිරිත්, ක්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාර්ථීන් , සමාජ ගවේෂකයෙන් ඇතුළු මෙම ක්ෂේත්‍රය ගැන උද්‍යෝගිව, උනන්දුවෙන් කටයුතු කරන සැමටම ප්‍රයෝජනවත් කෘතියකි. සිරි රණසිංහ ලංකාදීප ප්‍රධාන කර්තෘ, අධ්‍යක්ෂ විජය පුවත්පත් සමාගම 2001.03.01
ISBN
9789556565416
පිටු ගණන (Pages)
79
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පුරාණ වී ගොවිතැන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.