බුදු දහමින් පෝෂිත සිංහල සාහිත්‍යය-සංක්ෂිප්ත විවරණ
මාතර අකුරැස්සේ අගලකඩ ග්‍රාමයේ උපත ලැබූ පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ මොරවක, කළුබෝවිටියන, රුවන්කන්ද රාජ මහා විහාරයේදී පැවිදි බව ලැබූහ; අනතුරුව බද්දේගම, මාපලාන ශ්‍රී ඉන්දසාර පිරිවෙනින් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයට පිවිස ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව සිංහල විශේෂවේදී උපාධිය ද ඉනික්බිති එම විශ්වවිද්‍යාලයෙන් ම දර්ශනපති උපාධිය ද හිමි කරගත්හ. මේ දිනවල 'සාහිත්‍ය විචාරයෙහිලා බෞද්ධ මූලධර්ම භාවිතය' මැයෙන් තම ආචාර්ය උපාධි නිබන්ධය සකසමින් සිටින එන්හිමියෝ දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති ධුරය හොබවති.
මොරටුව ලුනාව ශ්‍රී බෝධිරාජාරාමය අලුතින් ගොඩනැගූ උන් වහන්සේ චතුර ධර්මදේශකයකු ලෙස ද ජනාදරයට පාත්‍ර ව සිටිති. 'දඹදෙණි කතිකාවත හා සිංහල භික්ෂු සමාජය', 'සිංහල වෘත්තාන්ත සාහිත්‍යය', 'විසුද්ධි මාර්ග සන්නය: අර්ථ වර්ණනා' යන කෘති මේ වන විට මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කර ඇති පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ පාරිවේණික භික්ෂූන් සහ සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ ඇල්මක් දක්වන හැම දෙනා වෙනුවෙන් ම මෙම 'බුදු දහමින් පෝෂිත සිංහල සාහිත්‍යය: සංක්ෂිප්ත විවරණ' නම් ග්‍රන්ථය ලියා ඉදිරිපත් කරති.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.